සාමාන්‍යවිදෙස්උපුටාගැනීම්

ලංකාවේ එහෙම වුණත් එංගලන්තේ එහෙම වෙන්නෙ නෑ…….

මීට දශකයකට පමණ පෙර එංගලන්තයේ දුම්රිය ස්ථානයක සිදු වූ සිදුවීමක්….

දිනපතා දුම්රියෙන් සේවයට යන ඇයට එදින ටිකට් පතක් ලබාගැනීමට අමතක වී ඇත…..

ගමනාන්තයෙන් බැස සේවා ස්ථානයට යෑමට සූදානම් වු ඇයව ටිකට් පරික්ෂාකරන නිළධාරීයෙකුගේ පරිෂාවට ලක් විය…..

නිළධාරියා:
“ඔබ සතුව ටිකට් පතක් නොමැති නිසා මට සිදුවෙනවා ඔබට දඩයක් කොළයක් නිකුත් කරන්න….”

කාන්තාව:
“ඇත්තටම එය අතපසු වීමක් නමුත් මා වරද පිලිගන්නවා.මා දඩය ගෙවන්නම් මට රිසිට් පතක් ලබා දෙන්න”

නිළධාරියා:
” මට ඔබේ හැදුනුම් පත ලබා දිය හැකිද ?”

හැදුනුම්පත කාන්තාවගෙන් ඉල්ලාගත් නිළධාරියා එහි සදහන් නම දෙවරක් කියවා නැවත කාන්තාව දෙස විමසිලිමත්ව බලා නැවතත් හැදුනුම්පත දෙස බැලීය…..

“සමාවෙන්න මැතිණිය…….
මා ඔබතුමියව හදුනා නොගත්තාට……
ඇත්තටම එය මා අතින් සිදු වූ වරදක්…..”

කාන්තාව:
ප්‍රශ්නයක් නෑ,, ඔබ ඔබේ රාජකාරිය කරන්න, ටිකට් පතක් නොමැතිව ගමන් කිරීම මා අතින් සිදු වු වරදක් මා එය නිහතමානීව පිලිගත යුතුයි…..

මද වේලාවකින් අදාල දඩමුදල ගෙවා කාන්තාව රැකියා ස්ථානය බලා පිටත්විය…

————————–——–
සාමාන්‍ය මගී දුම්රියෙන් දිනපතා රැකියාවට යන එන මේ මැතිණිය කවුද ????

ඈ නමින්…….

තෙරේසා කාරා බ්ලෙයාර් නොහොත් චෙරී බ්ලෙයාර් නම් විය….

ඇගේ සැමියා එවකට බ්‍රිතාන්‍ය අගමැති ටෝනී බ්ලෙයාර් ය…..

මහත්තයා අගමැති වූවා යැයි කියා ඈ ජැන්ඩියට ඇද පැලැද ඔහු සමග ලෝක සවාරී ගියේ නැත…..

විශ්වවිද්‍යාලයේ දරුවන්ට සිප් සතර කියාදුන් ඇය වෘත්තියෙන් කථිකාචාර්‍යවරියෙකි….

මහත්තයා රටේ අගමැති වූ පමණින් ඇය හිටි ගමන් මහාචාර්‍ය වූයේද නැත……

 

නලින් කුමාරගේ බුකියෙන් උපුටාගන්නා ලද්දකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *