සාමාන්‍යපුවතකට වැඩි යමක්විශේෂාංගඋපුටාගැනීම්

අලුත් පරපුර රැවටුණාට ජනතාවත් රැවටේවිද?

‘‘යා දෙක නොරත රත – සමග පෑසීමක් නැත’’

මේක අලගියවන්න මුකවෙටි කවියාගේ කියමනක්.

ඒකෙ සරල තේරුම වෙන්නෙ ‘රත් වුණු යකඩ රත් නොවුණ යකඩ සමග පෑස්සෙන්නනෙ නැහැ කියන එකයි. තවත් සරලව කියනවනම් අරක දෙන්නම්, මේක දෙන්නම්, අරෙහෙම කරන්නම්, මෙහෙම කරන්නම් කියල කොහොම කිව්වත් සමාජ පංති දෙකක් අතර එකතුවක් කියන්නෙ පෑහෙන්නෙ නැති කාරණයක් කියන එක.

මට මේ පෑහෙන්නෙ නැති කාරණය මතක් වුණේ පහුගිය දවසක ‘අලුත් පරපුර’ නිකුත් කරල තිබුණ නිවේදනයක් කියවලා. අලුත් පරපුර නමින් නිකුත් කරපු ඒ නිවේදනයට අනුව එයාල මේ වතාවෙ ඡන්දය දෙන්නෙ ජවිපෙටලු. හැබැයි එයාලම කියනවා සමහර සමාජ සංස්කෘතික කාරණාවලදි ජවිපෙට එකඟවෙන්න බැරි අවස්ථා තියෙනවලු. ඒක මහ අප්‍රබංස කතාවක් කියල දැනෙන්නෙ මට විතරද මන්දා.

අපි දන්නවා අලුත් පරපුර කියන්නෙ: අලුත් විදියට හිතන පිරිසක් බව, එහි වෙසෙන බහුතරයක් (බහුතරයක් කියල මම යොදන්නෙ දැනුවත්වමයි. මොකද එහි ඉන්න සමහරු ජාතිවාදියි) ජාතිවාදී නොවන බව, ආගම්වාදි නොවන බව, ආචීර්ණ කල්පිත අදහස් නොදරන බව, සංස්කෘතිය කියන්නෙ ම වෙනස් විය යුතු දෙයක් කියල පිළිගන්න බව. එහෙම පිරිසක් මේ සියලු ම කාරණාවලට විරුද්ධ ජවිපෙත් එක්ක දිගකන්නෙ කොහොමද?

මෙච්චර කාලයක් ම ජවිපෙ කරේ රජවරු රැජිනියො සිංහාසනේ තියල ටික කාලයක් ගියාට පස්සෙ ‘‘අපෝ එයා හරි නැහැ. අපි අරය ගෙනෙමු, ආපෝඕඕඕ එයත් හරි නැහැ. අපි මෙයා ගෙනෙමු’’ කිය කියා ධනපති පක්ෂ සහ පක්ෂ නායකයො එක්ක සම්මුති ගහපු එක. ඊට පස්සෙ හරියට පොඩි එවුන් රංඩු කරනව වගේ ‘අනේ මෙන්න මෙයා ගහනවෝඕඕඕ…, අනේ මෙන්න මෙයා මට අහවල් එක දෙන්නෙ නැතෝඕඕඕ…, අනේ මෙන්න මෙයාල ඔයාලගෙ අහවල් එක උදුරගන්නවෝඕඕඕ… කියල කොෑගහපු එක. ඉතිං රටේ ඉන්න අල්ප මෝඩයො ටික්ක අනිත් දේශපාලකයෙන්ට වගේ ම මේ කට්ටියටත් රැවටුණා. දැන් අලුත් පරපුරත් ජේවීපි එකට රැවටිලා ජනතාවටත් රැවටෙන්න කියල කියනවා. මොකද දැන් ජේවීපි එක දන්නවා ජනතාව එයාලට රැවටෙන්නෙ නැති බව.

ජෙවීපි එකේ සහ අලුත් පරපුරේ මේ නොපෑහෙන ගතියට ආසන්නම උදාහරණය පසුගිය දවස්වල කතාබහට ලක්වුණ කාන්තාවන්ට මත් පැන් මිලදී ගැනිමේ අයිතිය සහ කාන්තාවන්ට මත් පැන් අලෙවිහල්වල සේවය කිරීමේ අයිතිය පිළිබඳ ප්‍රශ්නය.

ඒ ප්‍රශ්නයෙදි සමනලී ඇතුළු තවත් පිරිසක් උසාවි යන්නෙ ඒ අයිතිය ලබාගන්න. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකාවක් වෙන සමන්මලී පෙනී හිටින්නෙ සමනලී පෙනී හිටපු මතයට විරුද්ධ මතයේ. ඇය කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සහ කාන්තාවන් මත් පැන් අළෙවිහල්වල සේවය කිරීමට විරුද්ධයි.

දැන් මෙතනදි සමනලී තමන්ගෙ මතයට විරුද්ධ අයට ඡන්දය දෙන්න කියල කියනවා. සමන්මලී තමන් පිළිනොගන්නා මතයක් දරන සමනලී තමන්ගෙ වේදිකාවට ගන්නවා. ඉතිං ජනතාවට මේක නිකං අඤ්ඤකොරොස් නැද්ද? මම දන්නෙ නැහැ මටනම් සම්පූර්ණයෙන් ම අඤ්ඤකොරොස්.

අනිත් පැත්තෙන් බැලුවම අලුත් පරපුර හැම වෙලාවෙම පෙනී හිටින්නෙ නව ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් දිය යුතුයි කියන මතයේ. ජේවීපිය ඉන්නෙ ඊට හාත්පසින්ම විරුද්ධ මතයේ. ඉතිං කොහොමද මේ අලුත් පරපුර කියන්නෙ ජේවීපියට ඡන්දය දෙන්න කියල. ජේවීපිය කොහොමද තමන්ගෙ මතයට සපුරා ම වෙනස් මතයක් දරණ මේ වගේ පිරිසක් තමන්ගෙ වේදිකාවට නග්ගාගෙන තමන්ට ඡන්දය දෙන්න කියල කියවන්නෙ. ලැජ්ජා නැත්තෙ ජේවිපියට ද එහෙමත් නැතිනම් අලුත් පරපුරට ද? අපි මේක අහන්නෙ කාගෙන්ද? කවුද අපිට මේ ගැන වටහලා දෙන්නෙ? මෙතන කවුරු හරි පට්ට මෝඩයි. ඒ වගේ ම කවුරු හරි පට්ට කපටියි. ඒ ඒ තත්ත්ව දරන්නෙ ජේවීපි එකද, අලුත් පරපුරද කියල හිතාගන්න බැරි තරමට ම ව්‍යාකුලයි. ඉතිං එහෙව් එකේ අපි විශ්වාස කරන්නෙ කවුද? ජේවීපිය ද, අලුත්පරපුරද? එහෙමත් නැතිනම් ‘උනුයි මුනුයි’ දෙගොල්මෙ එකයි ද? මේ විදියට ජනතාව රවටන එකට වග කියන්න ඕන උන්ද, මුන්ද?

– බුද්ධික ගයාශාන්

උපුටාගත්තේ සිස්.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *