සාමාන්‍යඅපරාධ

මරාදැමුණු තරුණ මළ සිරුරක් හබරාදුව වෙරළ තීරයේ

හබරාදුව මිහිරිපැන්න ප්රදේශයේ වෙරළ තීරයට ආසන්නව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුරක් පොලිසිය විසින් අද අලුයම සොයාගනු ලැබී ය.

ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි සුරංග සම්පත් නැමති හබරාදුව ප්රදේශයේම පදිංචිකරුවෙකි. පෞද්ගලික ආරවුලක් මත පදනම්ව මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ යතුරු පැදිය හා ඔහු පැළඳ සිටි පාවහන් යුගළ ඒ අසල තැබෑරුම්හලක තිබී සොයා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *