පුවතකට වැඩි යමක්අපරාධ

ජගත් ජයසූරියට යුධ අපරාධ චෝදනා යටතේ නඩු

(සේයාරුව: බඩගින්නට බිස්කට් කන්න දී ශ්‍රී ලංකා යුද හමුදාවේ උණ්ඩ පහකින් ජීවිතය අවසන් කළ බාලචන්ද්‍රන්, උපුටාගත්තේ අන්තර්ජාලයෙන්)

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ වර්තමානයේ බ්‍රසීලය ඇතුළු ලතින් ඇමැරිකානු කාලාපයේ රටවල් 5ක ශ්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කරන ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට උතුරු ඇමැරිකාවේ මානව හිමිකම් සංවිධාන වන සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය විසින් නඩු පවරා ඇතැයි වාර්ථාවෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාව දියත් කළ ජනඝාතක යුද්ධය අවසාන අදියරේදී, එනම් 2009 වසරේ යුධ හමුදාවේ අණ දෙන නිලධාරියකු ලෙස කටයුතු කරමින් රෝහල් වලට පහරදී ජනයා සමූල ඝාතනය කිරීමට, දස දහස් ගණනක් අතුරුදහන් කිරීමට, එසේම කාන්තාවන් බලහත්කාරයෙන් ලිංගික හිරිහැර කිරීම සහ වධ හිංසා පැමිණවීමට සිය හමුදා බලඇනි මෙහෙය වීම, ඒවා  සිදුකළ පාදඩ අතලොස්සක් වුවත් ඒ සේබළුන්ට හෝ නිළධාරීන්ට විනයානුකූල පියවර නොගැනීම ආදී සියල්ලට එරෙහිව බ්‍රසීලය හා බ්‍රොගෝටා නගරවල ඊයේ ගොනුකළ නඩුවලින් චෝදනා කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ජගත් ජයසූරිය මේ වන විට බ්‍රසීලය, කොලොම්බියාව, පීරු, චිලී, ආර්ජන්ටිනාව සහ සුරිනාම් යන රටවල තානාපති ලෙස රාජ්‍යතාන්ත්‍රකයකු ලෙස කටයුතු කරමින් සිටියි. හිටපු යුධ හමුදාපතිවරයාට චෝදනා නගමින් නඩු පැවැරීමට කටයුතු කළ කණ්ඩායම් ඔහු තානාපතිධුරය දරන පෙර කී රටවලින් පිටුවහල් කිරීමට අදාල රජයන්ට බලපෑම් කිරීමටද කටයුතු කරමින් සිටියි. මේ වන විටත් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ නඩු පවරා ඇති අතර ආර්ජන්ටිනාවේ, චිලියේ සහ පීරු දේශයේ ඉදිරි දිනවලදී නඩු පැවැරීමට ඔවුන් ක්‍රියා කරන බව වාර්ථා වේ.

2009 සිවිල් යුද්ධය අවසානයේදී අඩුමතරමින් සිවිල් වැසියන්, කිසිඳු අවියක් ආයුධයක් අත නොදැරූ, කුඩා දරු දැරියන් කාන්තාවන් ඇතුළු හතලිස් දහසක් හැත්තෑ දහසක් (40,000-7,000) අතර ප්‍රමාණයක් මරා දමමින් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් චෝදනා ලබා ඇත. හිටපු යුධ හමුදාපති ජගත් ජයසූරියටද එයින් ගැලවිය නොහැකිය. එක්සත් ජාතීන්ට අනුව යුද්ධයේ අවසානයෙන් පසුව ගත වූ සිව් වසර තුළ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ට බැලමෙහෙ කරන ජයසූරිය ඇතුළු වන්දිබට්ටකයින් විසින් බලය සහ සම්පත් ඔවුන්ගේ අත රැස්කරගෙන ඇති අතර ඉතාම මධ්‍යස්ථ දේශපාලන විසඳුමක් හෝ දෙමළ ජනයා වෙත ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත. රාජපක්ෂ රෙජීමයේ ජනඝාතක භූවල්ලාගේ එක් ප්‍රභල හස්තයක් ලෙස සිටි ජගත් ජයසූරිය වැන්නවුන් හට, යුධ අපරාද කළ තක්කඩීන්ට මරාදැමුණු සුවහසක් අවිහිංසකයින්ගේ නාමයෙන් දඬුවම් ලබාදිය යුතුය.

සටහන: ඩෙස්කා කුඩාවිල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *