විශේෂාංගඋපුටාගැනීම්

ඌරා එනකම් මේක ගහමු! (සංහාරයකුගේ පාපොච්චාරණය – 7)

අම්මගෙ සම්පූර්ණ නම කියපං…”

”බෝවත්ත ලේකම්ගේ මනෝජි රසිකා ලේකම්ගේ…”

”මොනවා… නානා! ෂෙහාන්….””සර්… සම්තිං රෝන්ග් විත් මී…පතිරණ අසරණව මෙන් ෂෙහාන් දෙසට හැරේ.

”ඇයි සර්..,”

”නෝ… අයි නීඩ් ටයිම්.. අයි නීඩ් ටු තින්ක්…”

”සර් බී කූල්…” ”කූල් වෙන්න… වට්ස් රෝන්ග්….විත් යූ”

”නෝ. අයි වෝන් ටු සී දැට් ලේඩි”

”සොරි සර්.. ෂී වුඩ් හෑව් ගෝන් බැක් සර්… ෆස්ට් බී.. කූල් … සර්…” නානා කියයි.

ඉන්පසු දැඩි නිහඬතාවකි. එය කෙතරම් වෙලා පැවතුණේද යන්න කීමට කාටවත් හැකියාවක් නැත. නිහඬතාව බිඳීමේ අවශ්‍යතාවය කාහටවත් නොවීය. ෂෙහාන්ගේ වැඩිපුර අවධානය ඈතින් ගමන් කළ දුම්රියක නාදය වෙත යොමුව තිබිණ. හිමාල් නරියකන්ද සිට පහළට මළානිකව දැල්වෙන ආලෝක ධාරා කීපයක් දැඩි ලෙස විශ්ලේෂණය කරමින් සිටී.

කෙසේ හෝ තිදෙනාගේම වාසනාවකට මෙන් හෙමින් හෙමින් පැමිණි මරුටි රථයක් නිවස්නය ඉදිරිපිට නවතන ලදී. සුදු ජර්සියකින් සැරසුණු ලූතිනන් කර්නල් ප‍්‍රියශාන්ත ඉන් බැසගත්තේය. ඉන්පසු ඔහු පසුපස අසුනට අත දමා ඉතා අපහසුවෙන් මෙන් සීතල යමක් ගත්තෙන්, එය වල් ඌරු මස් පාර්සලය බව නිරීක්ෂකයන් තිදෙනාටම පසක් විය.

”කම් පි‍්‍රයශාන්ත අපි කරදර කළා නේද?” පතිරණ ජීවිතයේ මුල් වරට කතා කරන්නා වූ ළමයකුගේ ස්වරූපයෙන් ඇසුවේ, හමුදා මරණ ගෙදරකට මුල් වරට ගොත වී කතා කරනවාටත් වඩා පහත් ස්වරයෙනි.

”ආ.. සර්.. ටිකක් හොයා ගත්තා. කොහොමද සර් මේ දිනවල?”

” ඕකේ. පි‍්‍රයශාන්ත කම් කම්.. කම් ඉන්. ෂෙහාන්”

”සර් දැන් ද ආවේ?”

”නෑ මචං.. එබවුට් වන් අවර් විතර….”(පැයක් විතර)

” ඕකේ…”

ෂෙහාන් හා පි‍්‍රයශාන්ත කාල තුවක්කු හමුදාවේ එකම නිලයක් දැරුවත් ෂෙහාන් පි‍්‍රයශාන්තට වඩා එක කණ්ඩායමක් පැරැණිය. එබැවින් ෂෙහාන් මචං කියන විට පි‍්‍රයශාන්ත ෂෙහාන්ට සර් කියයි.

”නානා.. මල්ලි මේක ඇතුළට ගන්න. තාම කූල්. ”ෆ‍්‍රීසර් එකේ තිබුණෙ. උණු වතුර දාල ගන්න වෙයි.” වල් ඌරකු ජීවතුන් අතර සිටින විට පිටවන දුර්ගන්ධය මස් පාර්සලය වෙතින් ද හමයි. වවුලන්ට සීතල දැනෙන්නේ නැත්තෙ ඇයිදැයි පතිරණ කල්පනා කරන්නේ කළුවරේ පියා සලන වවුල් රංචුවක ඡුායාව දෙස බලමිනි.

”නානා… බොටල්ස් ටික ගන්න.. කෝ ළමයි ග්ලාස් ගේන්න.. මචං ෂෙහාන්.. මෙස් එකට කෝල් කරල සෝඩා හරි ස්ප‍්‍රයිට් හරි ගෙන්න ගන්න වෙයි. අයි හෑව් සම් ස්නැක්ස්. මචං ඒවා බයිට් එකට ගමු. නානා අර අපේ එක කැෂූ වගේකුයි තව බයිට් වගයක් ඇති. ඌරා එනකන් ගහමු…”

”සර්… කොල්ලො චිකනුයි, මාළුයි හදල”

” ඕකේ… විල් හැව් අ..ඩි‍්‍රන්ක්…”

පතිරණ නැවත පියවි තත්ත්වයට පැමිණ ඇත. ෂෙහාන් පි‍්‍රයශාන්ත සමඟ මොකක්දෝ කාලතුවක්කුවක තාක්ෂණික ප‍්‍රශ්නයක් කතා කරයි.

”උඹල ගාව ඉන්නත් බයයි.” පතිරණ කියයි. ”ඇයි ඇයි? ෂෙහාන් අසයි. බං ආටියො (කාල තුවක්කු හමුදාව) පස්සෙන් ලෝඩ් කරන එවුන්නෙ.. පස්සට අත තියාගෙන තමයි බොන්න වෙන්නෙ.” සියල්ලෝම මහ හඬින් හිනා වේ.

කර්නල් දිසානායක, හරින්ද්‍ර වැනි උසස් නිලධාරීන් කිහිප දෙනකු ද පැමිණේ.. දැන් දැන් එකම රස ගුලාවකි. කොක් හඬලෑම්… කෑගැසීම්…. සිනාසීම් මැද ක‍්‍රීඩා ට‍්‍රැක් ඇඳුම් ඇඳගත් සෙබළුන් කිහිප දෙනක්ම හිස් වන කටගැස්ම සපයති.

හවස පාසිං අවුට් එක (විසිර යාම) ගැන යමෙක් ඇසුවොත් එහෙම දෙයක් තිබුණෙ නැති බව මෙතැන ඉන්න සියල්ලෝම පවසනු ඇත. කෙසේ වුව ද හිමාල් තම අත තිබූ චන්දනගේ ලිපි ගොනුව සුරක්ෂිතව මේසයක් උඩ තැබීය.

දිසා ද, පි‍්‍රයශාන්ත ද තවත් බෝතල් රැගෙන ඇවිත් සිටිති.
විස්කි – බ‍්‍රැන්ඩි -ජින් එකිනෙක වෙන වෙනම කුසවල් ගොස් තුළට ඇතුලේ දී කලවම් වේ… තවත් ටිකකින් ‘කඩමණ්ඩියේ දොළ අයිනේ…’ පතිරණගේ තනිකඩ සිතින් එළියට පැන්නේය.

ෂෙහාන්ගේ ද සහාය ඇතිව කණ්ඩායම සංගීත කණ්ඩායමක් බවට පත් විණි. දිසා ජීප් රියට ගොස් ගිටාරය රැගෙන ආවේය. පතිරණ පුදුම සැහැල්ලූවකින් ගී ගයන්නට විය.

”සර් ඉංග්ලිෂ් සෝන්ස් එකක්…” දිසා පතිරණට ආරාධනා කරයි. උන්මාද සිතුවම් මෙලඩිය ගිටාරයෙන් පැනනගී. පතිරණ ගයයි…
“Madness pictures create create…

Misty cloud in mid history Break; loving…. Fired
hearts it self one pole house…..

Alpha Ocean terrible deep sea dusty doomy wind
only owning still I feel flowers smell…..

It Self one Pole house….”

පතිරණට ඕනෑම සිංහල සින්දුවක් ඉංග‍්‍රීසියට හරවා ගැයීමට හැකිය.
කට්ටිය නැවත බඩ අල්ලන් සිනාසෙයි.

සාදය නිමා වන විට රාත‍්‍රී එකොළහ පසුව තිබුණි. පිරිස සතුටින් විසිර ගියෝය. අවසන දී හිමාල්, ජයරත්න ඇතුළු පතිරණගේ බළකාය පමණක් ඉතිරි විය.

”හිමාල් අර ෆයිල් එක කෝ…?”

”සර් අර මේසෙන් තිව්වා.”

”උදේ ඒක රිටන් කරන්න.”

”ෂෙහාන් ගියාද?”

”ඔව් සර්… ෂෙහාන් සර්ට ටිකක් වැඩියි. කර්නල් දිසානායක සර්…. එයාව එක්කන් ගියා.”

”හරි නානා හරි… ඕකේ. හිමාල් අර ලේඩිගෙ නම්බර් එක තියෙනවද?”

”ඔව් සර්….”

”මම දැන් කතා කරන්නද?”

”සර්… දැන් ? 12.00ට කිට්ටුයි… සර්ගෙ කැමැත්තක් සර්…” නානා කියයි.

”ඇයි හිමාල්…?” පතිරණ අසයි.

”නෑ… සර්… සොරි සර්…!”

”හිමාල් මට උඹ අහන්න හදන ප‍්‍රශ්නෙ තේරෙනවා… මම බඩු කාරයෙක් නෙවෙයි කියල උඹ හොඳට දන්නවා…”

”ඔව් සර්…ඒක තමා මගෙ ප‍්‍රශ්නෙත්… සර්ගෙ නමයි වාසගමයි…?”

”නානා, මම කවදාවත් නොදන්න දෙයක් කතා කළේ නෑ, ඒ හින්ද තමයි යකෝ… මම බි‍්‍රගේඩියර් කෙනෙක් වුණේ… මගේ පන්තියෙ එකා තාම ලෙෆ්ටිනන්ට් කර්නල් වෙලා ඉද්දි… මම මේ සියලූ විස්තර දැනගත්තම උඹට කියන්නං”

”සර්… සොරි… සර්…”

”ඔව් නානා කියපං…”

”සර්… මං කියන්නෙ… සර් දන්නැතිව මෙහෙම දෙයක්…”

”ඔව් යකෝ… මම මේකෙ විස්තර ඔක්කොම දන්නෑ… දන්න එකීට කතා කරල මම උඹට කියන්නං… නයා පෙණේ කරන හැම වාරෙකම දෂ්ඨ කරන් නෑ…” පතිරණ ඊශ‍්‍රායලයේ දී උගත් දෙයක් කියයි.

”මට ඒකිගෙ නම්බර් එක දීපං… ගිව් මී ද නම්බර්?”

”සර් දැන් ඒ ලේඩි ගෙදර ගිහිල්ලත් ඇති…”

”උඹ මට නම්බර් එක දීල… නිදාගනිං… ගෝටු ස්ලීප් යූ බගර්…”

” ඕ.කේ.සර්…” හිමාල් පතිරණට ඇයගේ දුරකථන අංකය ලබා දේ.

මඳක් මත් ගතියෙන් යුතු පතිරණ තම කාමරය වෙත ගොස් සිසාරා බලයි. සියල්ල පිළිවෙළට ඇත… කාමරය හොඳින් උණුසුම්ව ඇත. පතිරණ කැමැතිම පැරැණි දර උදුන දල්වා තිබේ. සෑම දෙයක්ම නිවැරැදිය. නිසි ආකාර ය. අනිච්චානුගත ප‍්‍රතික‍්‍රියාවකින් පතිරණගේ අතට නොදැනුවත්වම සෙලියුලර් ෆෝනය පැමිණේ. ඔහු එහි හැඩ බලයි. ”ෂහ් තව යුද්ධ දහයක් කරන්න පුළුවන් මේ ෆෝන් එකෙන්…” රුපියල් දෙදාස් ගණනකට ගත්ත ‘නොකියා’ ෆෝනය දෙස පතී ආදරයෙන් බලයි. ඉන් පසු ඔහු නානාගෙන් ලබා ගත් දුරකථන අංකය යොදා පළමු වරට තම මහපට ඇඟිල්ලෙන් අදාළ බොත්තම ඔබයි…

පතීගෙ වෙව්ලන මහපට ඇඟිල්ල කි‍්‍රයා කළේ නැත. ඔහු නැවත ෆෝනය ඉහළට ගෙන පරීක්ෂා කර බලා එහි වරදක් නැති බව දැන අදාළ අංකය මඳ වේලාවක් ඔබාගෙන සිටියේය. නැවත නින්දෙන් ඇහැරුණකු සේ… වඩාත් හොඳින් තම ඇමතුම සම්බන්ධව ඇද්දැයි බැලීය. දුරකථනය නිසි ලෙස සම්බන්ධව ඇත. පතිරණ ක්ෂණිකව එය විසන්ධි කළේය. ඉන්පසු තමා කිසිවකුටත් ඇමතුමක් ගත් බව නොපෙනෙන සේ දුරකථනය සාක්කුව තුළ රුවා ගැනීමට මහත් වෙහෙසක් ගත්තේය. තමා ඉන්නේ නිවැරැදි කාමරයේ යැයි පතිරණ දනී. මෙහි කිසිවකුත් පිටස්තරයෙක් නැත. තම අවසිහිය පිළිබඳ පතිරණට තරහක් ද දැනේ. එවිටම පතිරණගේ සෙලියුලර් දුරකථනය නාද විය. මහ ? නිහඬතාවයේ එය මරහඬ දුන්නේය…
දෙවරක් නොසිතන, අභීත සෙන්පති පතිරණ ක්ෂණිකව තම දුරකථනය ගත්තේය.

”හෙලෝ… බි‍්‍ර… බි‍්‍රගේ…ඩියර් පතිරණ හියර්…”

”ඔව් සර් මම මනෝජි… සර් මම මේ දැන් කෝල් එකක් ගත්තා… ඒක මිස් වුණ නිසයි කතා කළේ…” මනෝජි ඍජු භාෂාවෙන් දිගටම කතා කළේය.

”ආ… ඔව්.. Yes මිස් මනෝජි… මේ මම… මිස්… නිදිද දන්නෑ කියලා… Call එක Cut කළා… සොරි…ෆෝ…දිස්…” පතිරණ කියයි.

”නෑ… සර් පසුගිය අවුරුදු විසි එකක්ම මම මේ ක්‍්කක එක බලාපොරොත්තුවෙන් හිටියෙ…”

”ඔහ්… මනෝජි… හීන්නා…ගි… එහෙනම් මේ ඔයාමයි නේද?”
”ඔව් සර් මම මනෝජි…”

වේළුපිල්ලේ ප‍්‍රභාකරන් මිය ගිය ප‍්‍රවෘත්තිය ඇසූ පතිරණගේ ඇඟට මොකක්දෝ දැනුණේය… වුණේය… එදා ඒ සිදු වූ දෙයම අද ද පතිරණට දැනුණේය… වුණේය.

”අපි දෙන්න… අන්තිමට හමු වුණ දවසෙ ඔයා මට සර් කීවද මනෝජි?…”

”ම්… නැහැ… එහෙනම් මං කැම්පස් එකේ දී වගේ ‘කලූපතී’ කියන්නද නැත්නම් චමී කියන්නද?”

”කැමැත්තක්. ඒ දෙන්නම එකානෙ…”

මනෝජි… පතිරණ දිග කතාවකට මුල පුරයි…

”මම මේ ගමන එද්දි ඕගොල්ලන්ගෙ ගමේ… දියවින්නෙ එන්නත් ප්ලෑන් කළා…”

”ඔව් මට සර්ගෙ… සොරි සොරි…චමින්ද මහත්තයගෙ ඇසිස්ටන්ට් (සහකරු)ගෙන් දැනගන්න ලැබුණා…”

”ආ… වෙන්නැති… හිමාල් මේ වගක් දන්නේ නෑ… හිමාල් නෙමෙයි…හිමාල්ගෙ බොසුත් මේ මුකුත් දන්නෑ නේද?”
මනෝජි අසයි…

”හ්ම්…”

”මට ඔයාව දකින්න ආසයි…” උසස් පෙළ කොල්ලෙකුගේ කටහඬින් පතිරණ කියයි.

”ඇයි ඊයේ දැක්කෙ…”

”එහෙම නෙවෙයි… මම හෙට දියවින්නෙ එන්නම්…”

”හරි සර්… ඒත් මං තාම ඉන්නෙ… බණ්ඩාරවෙල යාළුවකුගෙ ගෙදර…”

”හ්ම්…”

– මතු සම්බන්ධයි

– කාශ්‍යප වීරක්කොඩි

උපුටාගත්තේ සත්හඬෙන්

සංහාරයකුගේ පාපොච්චාරණය – 6

One thought on “ඌරා එනකම් මේක ගහමු! (සංහාරයකුගේ පාපොච්චාරණය – 7)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *