විශේෂාංගඋපුටාගැනීම්

‘ආශ්චර්යෙන්’ පාගාගෙන සිටි මුල්ලිකුලම් මිනිසුන් නැවතත්, නැවතත් සිය ජීවිතය ඉල්ලයි.

”අපි අපේ උපන් ගම්බිම් අතහැරලා අල්ලපු ගමේ ඝණ කැලෑවට පදිංචියට ඇවිල්ලා අවුරුදු ගාණක් ගෙවිලත් තවමත් අපි ජිවත් වුණ ගම්මානයට අපිට යන්ඩ බැහැ.” යැයි නැවත වරක් සිය උපන් ගම්බිම් වන මුල්ලිකුලම් ඉල්ලා නාවික කදවුර ඉදිරිපිට විරෝධතාවය ට එක් වූ කාන්තාවක් පැවසුවාය.

පළමුවරට මුල්ලිකුලම් මිනිසුන්ට සිය උපන් බිම් හැරයන්නට බල කරන්නේ 1990 වසරේදීය. එතැන් පටන් 2002 වසරේ සිට ජීවිතය ආරක්ෂා කරගැනීම උදෙසා තැනින් තැනට අවතැන් වෙමින් සිටියදී 2002 දී ලංකා ආණ්ඩුව සහ හා එල්ටීටීඊ සංවිධානය අතර ඇති කරගත් සාම ගිවිසුමේ ප්‍රථිපලයක් ලෙස නැවත වරක් ඔවුන්ට මුල්ලිකුලම් හී තමන්ගේ උපන් බිම් වෙත යාමට අවකාශ සැළසිනි. එසේ නමුත්, සිය උපන් බිමේ ජීවත්වෙන්නට මුල්ලිකුලම් මිනිසාට ඉඩසලසා දුනනේ වසර 5ක් පමණි. අයුක්ති සගහත යුද්ධය නැවත වරක් ඔවුන්, ඔවුන්ගේ ජීවිත, දේපළ ක්ෂණිකයෙන් ඔව්න්ගෙන් ඈත් කළේය. 2007 වසරේ ඇරඹි යුද්ධය නිසා සියලු දේපල අත්හැර ඔවුන්ට අවතැන් වෙන්නට බල කෙරිනි.

2007 වසරේ සැප්තැම්බරයේ මුල්ලිකුලමෙන් පිට වන විට එහි පවුල් 400කට ආසන්න ප්‍රමාණයක් ජීවත් විය. මුල්ලිකුලමෙන් පිටමං වන්නට බලකෙරුනු ඔවුන් ට අවතැන් වන්නට සිදු වූයේ සතුන් ගහන කැලෑ රොදවල් තුළය. ඔවුන් තාල්වුපාඩු, වාල්කෛයිපෙට්ට‍්‍රාල්කණ්ඩල්, තෙලෙයිමන්නාරම, නානාට්ටාන් ,මඩුකෙරෙයි යන ප්‍රදේශවල තාවකාලිකව පදිංචි කෙරණි. නමුත් සශ්‍රීක මුල්ලිකුලම ක්‍රමයෙන් නාවික හමුදාවේ ග්‍රහණයට නතු වී නාවික හමුදා ජනපදයක් විය. මිනිසුන්ට එහි පිවිසීමට තහණම් කලාපයක් බවට පත්විය. පවුල් 27කට නේවි ගෙවල් ලැබිණි(නේවි ගෙවල් ගැන බලන්න මේ සටහනේ පහලට යන්න)

”තුන් වතාවක්ම අපි අවතැන් වුනා, 2007 දී තමයි අන්තිමට අපිට අපේ ගෙවල් වලින් යන්න කිව්වෙ…. යුද්ධෙ එනවා අහුවුන දෙයක් අරන් අයින් වෙන්න කියපු නිසා අපි ඇදිවතින් පිටවුනා.. අපිට කිව්වෙ දවස් දෙකකින් ආපහු එන්න හැකියි කියලායි.. 2009 යුද්දෙ ඉවරවෙලාත් සෑහෙන කාලයක් ගියාට පස්සෙත් මොකුත්ම සිදුනොවුන නිසා අපි බලෙන් මේ කැලේට ඇවිත් ගෙවල් දෙනකන් යන්නෙ නෑ කිව්වාම නේවි එකෙන් අපිට පේලියට පොල් අතු බැදල වහලක් හදල දුන්නා. කක්කුස්සිත් කීපයක් හදල වතුරත් දුන්නා.. ඒත් එයාල අපේ ගෙවල්, ඉඩම් දුන්නෙ නෑ.. අපි නොයාම ඉද්දි තමයි ඔය ගෙවල් 27 බැදල දුන්නෙ.”

ඔවුනගේ ගම දැන් වයඔ දිශාවේ නාවික මූලස්ථානය වී ඇත. නේවිකාරයන් පාවිච්චියට තබාගත් නිවෙස් 27ක් වෙනුවට ගම්මුන්ට සාදා දුන් නිවෙස් ‘නේවි ගෙවල්’ විය. 2015 දෙසැම්බරයේ මුල්ලිකුලම් ගිය අපට නැවත පදිංචිකළ ප්‍රදේශයක කාන්තාවක් පැවසීය.

‛‛මම ගොඩාක් කාලෙකින් මේ ගමට ආවේ. ඒත් ගමට නෙම් මේ පල්ලියට. මගේ ගෙදරට මට යන්න දෙන්නේ නෑ. මම ආපු ගමන් මගේ ගෙදර හිටිය බල්ලා දුවගෙන ඇවිත් මගේ කකුළ ලෙව කෑවා..’’
 මන්නාරම, සිලාවතුර, මුල්ලිකුලම් ගමේ මහලු පියෙක් මෙසේ කීවේ කඳුඑ පිරි දෑසින් යුතුවය. ඒ යුද්ධය නිසා ඝාතනයලට ලක් වුනු තම ආදරණීයන් සැමැරීම සඳහා 2013 මැයි 19වනදා යුද්ධයෙන් වසර 4කට පසු මුල්ලිකුලම් පල්ලියේ පැවති අනුමස්මරණ පූජාවක දී ය.

දැන් ඒ මුල්ලිකුලම් මිනිසා නැවත ඉල්ලා සිටින්නේ තමන්ගේ උරුමය ය. තමන්ගේ ජීවිතය ය. ඒ සදහා නැවතත් ඔවුන් සාමකාමීව සිය ඉල්ලීම් ඉල්ලා මහමග ඊයේ(23) දා සිට සත්‍යග්‍රහයක නිරතව සිටී.

‘‘මන්නාරම් පදවියේ රදගුරු තැන්පත් රායප්පු ජෝශප් රදගුරු තුමා අපිව ගෙනත් සව්රියා දේවාලයේ ඉඩම් දීලා පදිංචි කරවලා, කිව්වා මෙහෙම යන්ත‍්‍ර ලෙස ජීවත් වෙන්න බෑ කියලා. පසුව අපි අපේ ගමට ආවා. 2007 අවුරුද්දේ හමුදාව අපේ ගමට ආවා. අපේ ගම වට කෙරුවා. අපි හැමෝම හිටියේ දේවාලයේ. මාව අඩගහලා කිව්වා හමුදාවේ ලොකු මහත්තයෙක් දවස් 03 කට ඔබ ඉවත් වෙන්න මෙතනින් අපි එක්කරගෙන ගිහින් නැවත ගෙනත් ඇරලන්නම් කියලා දැන් අවුරුදු ගණන් ගෙවී ගියා තාමත් කැලේ ජීවත් වෙන්නේ ….‘‘
ඊයේ(23) ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයක නිරත මහලු පියෙක් කීවේය.

හමුදාව විසින් බලහත්කාරයෙන් ලබා ගෙන සිටින මිනිසුන්ගේ ඉඩම් නිදහස් කරන බවට පොරොන්දු දී බලයට පැමිනි සිරිසේන, වික්‍රමසිංහ ආණ්ඩුවට මුල්ලිකුලම් මිනිසාගේ යුක්ති සහගත හඩ ඇසේවිද?

මුල්ලිකුලම් පිහිටි ඉපැරණි දේවස්ථානය 360/ Photo Sphere තාක්ෂණයෙන් බලන්න

මුල්ලිකුලම් මිනිසුන්ගේ හෘදසාක්ෂියේ හඩ පිළිබද විකල්ප තැබූ සටහන් කිහිපයක් පහතින් දක්වමු.

2009 මැයි මස 18 වනදා යුද්ධය අවසන්වු පසු මන්නාරම, මුල්ලිකුලම ගමේ මිනිසුන් හා සංවාදයකට සහභාගී වූ මා හට දැනෙන්නේ, දිර්ඝ කාලින යුද්ධයේ නරකම හා අසාධාරණ ම ප‍්‍රතිඵල භුක්ති විඳින්නන් අතරින් මොව්හු එක් විශේෂිත වු ජන කොට්ඨාශයක් කියාය. මන්ද, යුද්ධය අතරතුර සිදුවු ජිවිත හානි පිළිබඳවත් දේපල හානි පිළිබඳවත් යුද්ධය අනුමත නොකළ ද, අමාරුවෙන් හෝ හිත හදා ගැනීමට හැකිය. එහෙත්, සියල්ලම අවසානවී, සියල්ලම සන්සුන් යැයි කියනා විටකදී, නැවත පදිංචිකරවීම් ද ඉතා සුභදායී ලෙස සිදුකරමින් සිටිනවා යැයි කියනා විටකදී, යුධ ප‍්‍රහාරවලට වඩා දරුණු, බලයේ හා ආධිපත්‍යයේ ප‍්‍රතිපත්තිමය ප‍්‍රහාරවලට නතුවන්නට සැලසී අසාධාරණයේ හා අයුක්තියේ ඉහළම දඬුවමකට ගොඳුරු වි, යුද්ධයෙන් විනාශ නොවු තමන්සතු සියලූ දේපොල, ගේ දොර සහ රැකී රක්‍ෂා බිම් හා ඒ ආම්පන්න පෙනි පෙනී බලෙන් උදුරා ගනිද්දී, ඒ දෙස බලමින් උදේ හවහා හූල්ලමින් අනුන්ගෙන් යැපෙන්නන් බවට, හිඟන්නන් බවට පත්කර තිබීම කෙතරම් අකාරුනික ද ? කෙතරම් අයුක්ති සහගත අසාධාරණ දඬුවමක් ද ?

Read More: අයුක්තියේ යදම් තුළ කැකෑරෙන අපේ කථාව! – මෙලනි මානෙල් පෙරේරා | July 20, 2012

‛‛මුල්ලිකුලම් කියන්නේ සාරවත් ගමක්. එක් පැත්තකින් මුහුදු රස්සාව කරන්නත් පුලුවන්. එහෙම නැතිනම් ගොවිතැන් කරන්නත් පුලුවන්. ඒත් එච්චර හොඳ ගමක් දාලා ඒ මිනිස්සුන්ට යන්න උනා මේ යුද්ධය නිසා. ඒත් දැන් යුද්ධය ඉවරවෙලා අවුරුදු 3ක් ගිහිල්ලත් ඒ ගමේ මිනිස්සුන්ට ගමට යන්න බෑ. නාවික හමුදාව බලෙන් අල්ලන් ඉන්නවා.’’ ‛‛ඔය හරියේ පොටෝ ගන්න එපා’’ එක්වරම ගම ගැන තොරතුරු පවසා සිටි අප මිතුරා ඉදිරියේ ඇති නාවික හමුදා මුර කපොල්ලක් පෙන්වමින් පැවසීය. මන්නාරම, නන්නාටාන් සිට සිලාවතුර දෙසට ගමන් ගන්නා විට පලමුවෙන්ම හමුවෙන මුරපොල එයයි. එය නාවික හමුදා මුර පොළකි. යුද්ධය අවසන් වී වසර 3ක් ගතවුවද, යන්නේ කොහෙද, මොකටද යන්නේ, ඉන්නෙ කවුද යන ප්‍රශ්ණවලට ඕනෑම අයෙකුට සාමයේ නාමයෙන් පිළිතුරු සැපයිය යුතුය.

Read More: ආශ්චර්යේ මිලිටරියෙන් පාගාගෙන සිටින මුල්ලිකුලම් ජීවිත | Sampath Samarakoon | on March 17, 2013

 

[මුල්ලිකුලම් මිනිසුන්ගේ නිවාස, වතුපිටි මිලිටරි අවශ්‍යතාවයන් වෙනුවෙන් සිය බලහත්කාරය යොදා මීට වසර 6කටත් පෙර ලබාගත් නාවික හමුදාවෝ එහි ඇති දේවස්ථානයේ දේව මෙහෙයට පසුගිය 24 දා රාත්‍රියේ සහභාගී වූ ඒ අවතැන් මිනිසුන්ට කෝපි දී සංග්‍ර‍ කිරීම යනු ම සිය බලහත්කාරී පිළිවෙත වෙනත් වේශයකින් යළිත් ඒ මිනිසුන්ගේ හිස් මත පතිත කිරීම ගෝඨාබයගෙන් පසුවද ක්‍රියාත්මක වන නවමු පිළිවෙත බව ඒ නත්තල් රාත්‍රියේ දසුන් වලින් පෙන්නුම් කර තිබේ. ]

නමුත් මුල්ලිකුලම් මිනිසුන් සිය දේව මෙහෙයේදී ත් ඉල්ලා සිටියේ ‘අපේ ගම හා අපේ පල්ලිය නැවත ලබා දෙන ලෙස අපි දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු‘ යනුවෙනි. ඒ දේව මෙහෙය පැවැත් වූයේ 24 දා රාත්‍රී 10ටය. දේව මෙහෙය පැවැත්වීම සදහා එහි තිබෙන නාවික විධාන මූලස්ථානයෙන් අවසර ඉල්ලා සිටි බව ඔවුන් පවසයි. ‘ඔවුන් අපට අවසර දුන්නා. ඒ වගේම එදාට අපට සංග්‍ර‍ කරන බවත් කීවා. දැනට පදිංචි වී සිටින ස්ථානයෙන් මුල්ලිකුලම් දේවස්ථානයට එන්න බස් එකකුත් නේවි එකෙන් දෙන බව කිවුවා‘ නමුත් කුමන දේ සිදු කළත් ඔවුන් අද ද ඉල්ලා සිටින්නේ තමන්ගේ මුල් ගම වන මුල්ලිකුලමයි.

Read More: යුද්ධයෙන් වසර 6කට පසුවත් නාවික හමුදාවේ අවසර මත පැවැත් වූ ‘මුල්ලිකුලම් මිනිසුන්ගේ නත්තල් දේව මෙහෙය‘(Photos) | Sampath Samarakoon | on December 26, 2015

ආ.. මේ ඔයාලගෙ අළුත් ගෙවල් ද, එහෙනම් දැන් හොදයිනෙ’… අපි සිටියේ දුටු පළමු දසුන විසින් සෑහීමකට පත්වය.

‘මේ නේවි ගෙවල්, අපේ ගෙවල් තව එහායින් තියෙන්නෙ’

නේවි ගෙවල් සාදා තිබුනේ නේවිකාරයන් විසිනි. ගෙවල් කිහිපයකට එකක් වශයෙන් වතුර ටැංකි තබා තිබුනේ වරින් වර එන නේව් බවුසරයෙන් බොන වතුර ලබා දීමටය. නේවි නොවන ගෙවල් වට දෙකක් හෝ තුනක් සිමෙන්ති ගඩොලින් බැද උඩට ටකරං ගසා වහලට ටකරං දැමූ ඒවාය. ඒවාට විදුලිය නොතිබුනි..

‘එතකොට මේ එකම ගමේ එකට හිටපු අයගෙ ගෙවල්නෙ,කොහොමද ගෙවල් වර්ග දෙකක්? ඇයි මේ වෙනස?’

Read More: මුල්ලිකුලම හෙවත් big brotherගේ ආදරය | Kumari Kumaragamage | on December 31, 2015

උපුටාගත්තේ විකල්පයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *