විශේෂාංගඋපුටාගැනීම්

ආටියො කියන්නේ පස්සෙන් ලෝඩ් කරන උන් (සංහාරයකුගේ පාපොච්චාරණය – 6)

පාසලෙන් අස් වූ දා පටන්ම ඔහු පාසල අත හැරියේ නැත. මේ කොල්ලා ආමි එකට බැඳුණ බව පතිරණ දැන සිටියේ නැත. හුරුබුහුටි පාසල් රගර් තරුව අද මෙහි දෙවන ලූතිනන්වරයකු ලෙස විසිර යයි.

දෙවන කාරණය ඔහුගේ වාසගම මද්දුමපතිරැන්නැහැලාගේ බව පතිරණ දැන සිටියේ නැත. තම වාසගම එතරම් ජනප‍්‍රිය එකක් නොවේ. පතිරණලා කොතරම් හිටියත් මද්දුම පතිරැන්නැහැලාගේ අය ඉතාම අඩුය. මේ කොල්ලට මගෙ වාසගම ආවේ කොහොමද…. පතිරණ සිතයි.තුන් වනුව මේ කොල්ලා අර බලන්ගොඩින් ජීප් රථයට නැගි කාන්තාවගේ පුතාය. ඔහුගේ පියා නොමැති බව හිමාල් කීවා මතකය. මගෙ වාසගම බලන්ගොඩට ගියේ කොහොමද… පතිරණට අපහසුවක් දැනේ… ඔහු එක එල්ලේම යුද හමුදාපතිවරයාගෙන් තමන්ට හිමි පදක්කම පලඳින චන්දන රුක්මල් දෙස බලා සිටී. මේ රගර් පිටියේ දුටු කොල්ලා නොවේ. මේ තමාගෙම හමුදාවේ සිටි මුල් කාලයේ ඡායාරූපය නොවේදැයි පතිරණට සිතේ. මේ නම් මගේම නෑයකුගේ පුතකු විය යුතුය. ඒත් බලන්ගොඩ දඹදෙණියේ නෑයෝ සිටියේ නැත. පතිරණ මුව අයාගෙන බලා සිටින්නේ වික්ෂිප්ත වෙමිනි.පුදුමයකට මෙන් සියලූම සම්මාන දිනාගන්නේ මේ කොල්ලාය. අවසන දී ශූරතම නිලධාරියාට හිමි සම්මානය ලබා ගන්නට පැමිණි චන්දනව යුද හමුදාපතිවරයා විසින් මඳකට නවතන ලදී. යුද හමුදාපති ඔහු සමඟ කතා කරන්නට විය. පතිරණ කන් යොමා, දෑස් දල්වා බලා සිටී… කෙටි පිළිසඳරකින් පසු හමුදාපතිතුමා ඔහුට සුබපතා හිඳගත්තේය. පතිරණගේ මනස අවිවේකීය.අර කාන්තාව… චන්දන… මේ කවුද…! මගෙ කවුරු හරිද…!පතිරණ එහාට මෙහාට ඇඹරෙන්නට විය. ඉතා අපහසුය. හමුදාපතිවරයා නිසා නැවත යා නොහැක. නැත්නම් එය ද කරන්නට ඔහුගේ සිත කියයි. තමාට ද කථාවක් කළ යුතුව ඇති බව සිහි වූ පතිරණ සිත සනසා ගැනීමට වෑයම් කරයි. ඊයේ පෙරේදා ජොයින් වූ කොල්ලෙක් හින්දා මම මොකටද හිතන්නෙ? පතිරණට සිතේ.

උත්සව සභාව නිමා විය. යුද හමුදාපතිතුමා පතිරණ කැඳවීය. “පතී… අයි හෑව්? ගෝ බැක් ඉමිඩියටිලි, දෙයාර්ස් අ —- යයි නමින් ෆෝ සිකුරටි කවුන්සිල් ෆෝ යූ ගෝ අගේන් පතී. බලල කියල එන්න.. ඕකේ.”

ඕකේ සර්. පතිරණ ආචාර කොට හමුදාපතිවරයා සමඟ පියවර කිහිපයක්ම ඉදිරියට ගියේය.

“ආ.. පතී.. අයි ෆොගෙට් ටු ටෙල් යූ..”

“අර කොල්ල චන්දන රෝයලිස්ට් කෙනෙක්..”

“ඔව් සර්.. මිනිහ ලාස්ට් ඉයර් අපේ කොලේජ් එකට ප්ලේ කරා..”

“යර්ස් පතී හී වෝන්ට්ස් ටු ජොයින්ට් එස්.එෆ්, ෆෝ හී යූස් දිස් ඔප්ෂන් එනි වේ. ඒක කරල දෙන්න.”

“ඕ.කේ. සර්… “රයිට් පතී…” හමුදාපතිවරයා නික්ම ගියේය.

පතිරණ වග විභාගයකින් තොරවම ඔහේ ඇවිද කාරයට ගියේය. නැවත නිවස්නයට ගියේය. ඒ පසුපසින්ම හිමාල් ද පැමිණ ආචාර කොට පසෙකට විය.

“මේජර් නානා, ගිහිල්ල අර කොල්ලගෙ ෆයිල් එක ගේන්න”

“සර්…. මොන කොල්ලද?”

“ඇයි බං අර චන්දන, අද පාස් අවුට් වුණේ.”

“ආ.. ඕකේ සර්..”

“සර් ඒ කොල්ල අර ලේඩිගෙ පුතා”

“මේ හිමාල් උඹට නාකි ගෑනු ගැන පිස්සු හැදුණෙ කවද ඉඳලද?”

හිමාල් සිනාමුසු මුහුණෙන් බලා සිටී.

“සර් ඒ නාකි ගෑනිට සර් ගැන පිස්සු හැදිලා.. එනකල් මගේ කන්දෙකට නිවනක් නෑ. සර් ගැන හැම දෙයක්ම හොයල තියෙනවා.”

“මේ හිමාල් පලයං යන්න. ඒ ෆයිල් එක අරං වරෙං”

“ ඕකේ සර්” හිමාල් නික්ම යයි.

නැවත තම නිවස්නයේ ආලින්දයේ ඈඳි ගත් පතිරණට මහත් විඩාවක්, පාළුවක් දැනේ..

දියතලාවට කොහොමත් සවස පහ වෙද්දි ? වෙනව. පතිරණ සිතයි.

මළානික විදුලි ආලෝකය පතිරණගේ සිත හෝන්දු මාන්දු කරමින්, පාළුව දෙගුණ, තෙගුණ කරයි. යුද්ධය තිබුණා නම් කොච්චර හොඳද? අවුරුදු විස්සක් යුද්ධ කළ පතිරණට අවුරුද්දක් දෙකක් තුළ ඉන් මිදීම කළ නොහැකිය. ඔහුට පමණක් නොව බොහොමයක් තමන් දන්නා හඳුනන නිලධාරීන් යුද්ධයට ආදරය කරයි. එය නැති සොවින් තැවෙයි. තමාට කියා පතිරණට ඉන්නේ තම මහලූ මව පමණය. තම ඥාතීන් සියල්ලෝම පාහේ පසුගිය

වසර විස්ස පුරාම තමාගෙන් ඈත්ව ගියේය. ඔවුන් හදිසියේම හමුවුණොත් පමණි. පතිරණට ඔවුන් වෙනුවෙන් හෝ ඔවුන්ට පතිරණ වෙනුවෙන් කළ හැකි දෙයක් නොවේ. මුග්ධ පාළුවට ශාප කරමින් සිටින පතිරණ වෙතට ෆයිල් කවරයක් රැගෙන හිමාල් පැමිණේ. ඊට පසුපසින් කර්නල් ෂෙහාන් පැමිණ අවසරයකින් තොරවම සුදු පාට ගා ඇති වේවැල් පුටුවේ ඇල වීය. පුටුවේ ආලේප කොට තිබූ සුදු පාට කැබලි වශයෙන් කීපයක්ම බිමට පතිත විය.

“ආ ෂෙහාන්, මචං ටී එකක් බොමු…. ළමයා… කෝ… ආ… මේජර් නානායක්කාර… අපි ටී එකක් බොමු… අර වැලි තලපද හැලි තලපද මොනවදත් තියෙනවද? මුගෙ කෑල්ලගෙ තලපෙනෙ ෂෙහාන්… අරං වරෙං….” පතී කියාගෙන යයි.

තම පැරණි මිතුරා දුටු පතිරණගේ සිත නැවත කුල්මත් වී දෑස් ප‍්‍රබෝධයෙන් දිලිසී යයි.

“ෂෙහාන් අපේ බැජ් එකේ කොල්ලො එහෙම හමුවුණේ නැද්ද?”

“සර් වරුණයා නෙස්ලේ. ඌ හමුවුණා බම්බවල ගිය පාර. ටින්නයි, විවියයි, ජන්මියයි එක්ක ඩි‍්‍රන්ක්.. එකක් දැම්මා. ජන්මිය පව් සර් නේද?”

“ඔව් බං ඌ දැන් හොඳ ජොබ් එකක් කරනවනෙ… අපේ මෑන් කොහොමත් ගොඩ…..”

තේ පානයෙන් අනතුරුව නැවත හිමාල්, පතිරණ ඉදිරියේ ය.

“සර් ෆයිල් එක බලනවද?”

“ෂෙහාන්, චන්දන අපේ කොලේජ් එකේ. ඌ මචං ඔක්කොම ඇවෝඩ් ගත්තනෙ.”

“ආ.. ඔව් සර් ඌ රගරස්ට්. ඌට කැප්ටන්සි එකට කැපිල්ලක් ඇවිල්ල පොඩ්ඩක් අවුලෙ හිටියෙ.”

“ඌට දැන් ආමි ගහත හැකිනෙ”

“ඌ එස්එෆ් ඉල්ලනවා. ඒක නම් ටේ‍්‍රනිංවල දී මං ඌට කතා කළා.” ෂෙහාන් කියයි.

“නානා ෆයිල් එක කියවපං…”

හිමාල් ෆයිල් එක පෙරළමින් මොනවද සොයයි.

“ ඕක කියපං. උඹ අර ගෑනි දැක්ක වෙලේ ඉඳන් අවුල් මල්ලි” පතී කියයි.

ෂෙහාන් සිනාසෙයි.

“සර් මුගේ කොලේජ් එකේ සර්ටිෆිකට් තියෙනවා කිලෝ 2ක් විතර”

“ආ…. ලයික් මී නානා” පතිරණ කියයි.

“සර් මූ අන්ඩර් තර්ටීන් ඉඳන් රගර් ගහල”

“ලයික් මී නානා”

“ඇත්ලටික් බොක්සිං.. මාර කැරෙක්ටර් එකක්”

“ආ… ලයික් මී නෝ ෂෙහාන්.” පතිරණ අසයි

“සර් කැඩෙටින් කොලේජ් සාර්ජන්”

“ ඕ – බගර් ඊස් ලයික් මී නෝ. ෂෙහාන් මතකද? මචං අපේ ප්ලැටූන් එක ? අපි මචං හය හතක්ම ෆෝසස් නේද?”

“ඔව් සර් මැරුණ උනුත් තුනක් හතරක්ම ඉන්නවනෙ”

“ෂෙහ් ඔව් බං… නානා කියවපං…”

“සර් ඕලෙවල් ඩී 8යි”

“ආ… ලයික් මී… අපේ කාලේ ඩී නෙ තිබුණෙ…”

“සර් හි ඉස් අ හොස්ට්ර්, හොස්ටල් පි‍්‍රෆෙක්ට්

“ෂං ලයික් මී නෝ… ෂෙහාන් උඹ හොස්ටල් හිටියෙ නෑ නෙ. මේ මොරටුවෙ එකානෙ. අපි ඉන්න කාලේ මෝඩ වලහ. උඹට මතකද වලහ? මචං ෆනී කැරෙක්ටර්. … කියවපං නානා මූ මං වගේම චරිතයක්.

“ඔව් සර් කළු කොල්ල”

“පලයං නානා උඹ සුදු එකානෙ. එක අතකට මුන් ටිකක් කළු වුණ එක හොඳයි. නැන්නම් මට කාඩ් වදී මම සුදු කොල්ලෙක් තියාගෙන ඉන්නව කියල. හරි කියෝපං කියෝපං. උඹේ මුහුණ දැක්කම කවුරුත් මට කාඩ් ගහන්නෙ නෑ.” ෂෙහාන් හිනා වෙයි.

“සර් මූ කැම්පස් සිලෙක්ට් වෙලා. ගිහින් නැතිව ආමි ඇවිත් තියෙන්නෙ.”

“සී. අයි කාන්ට් ඉමැජින්.. හී ඊස් ලයික් මී…”

“සර් එව්ව තමා තියෙන්නෙ”

“ඇයි වෙන මුකුත් නැද්ද? බලපං උගේ අම්ම තාත්ත. ඇයි අර ගෑනිගෙ නම දැනගන්න උඹ කැමති නැද්ද නානා”

“ආ මං දන්නව මට කීවා. මොකක්ද මිසිස් ලේකම්ගේ”

“ආ… උඹ ඔක්කොම අහල උගෙ තාත්ත නෑ කීව නේද? මැරිලද බලපං.. ආමි එකේද දන්නෑ?”

“සර් බර්ත් සර්ටිෆිකේට් එක… ඉපදිලා තියෙන්නෙ රජයේ රෝහල කල්තොට…”

“ආ… මුං කල්තොට පැත්තෙ එවුන්.”

“සර් පි…පි. පියා…ගේ නම මොකක්ද….”

“ඇයි උඹ තටමන්නෙ?

“සර් පි…පි…පියා..”

“කියපං”

“සර්…. චමින්ද… සර්…චමින්ද…”

“කවුද බං…?”

“රුවන් සර්… “සර් සර්ගේ නම සර්…. පතිරණ…”

“මොනව යකෝ… මට කොහෙන්ද මමත් දන්නැති පුතෙක්…? නානා උඹ වි…වි..හි…ළු… කරනවද? වා…ස…ගමබලපං…”

“සර්.. මද්…දු..ම.. පතිරැන්නැහැලාගේ”

“මොකක්… මේ මොකක්ද…මේ.. මගෙ නම… මට කොහෙන්ද කල්තොට ළමයි…?”

– මතු සම්බන්ධයි

– කාශ්‍යප වීරක්කොඩි

උපුටාගත්තේ සත්හඬෙන්

සංහාරයකුගේ පාපොච්චාරණය -5

One thought on “ආටියො කියන්නේ පස්සෙන් ලෝඩ් කරන උන් (සංහාරයකුගේ පාපොච්චාරණය – 6)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *