විශේෂාංගඋපුටාගැනීම්

කබ්බො එස්.එෆ්. එකට ගන්නෙ නෑ (සංහාරයකුගේ පාපොච්චාරණය -4)

”ඇයි බං ඇඹරෙන්නෙ.”

”සර් අර මැඩම්…”

”ඔව් ඉතින් කියපං…”

”සර් ගැන දන්නවා…”

”හරි බං පත්තරේ එහෙම තිබුණනෙ…”

”මන්ද සර්, මම එද්දි කිව්ව සර්ගෙ නම පතිරණ කියලා. ඉතින් මැඩම් පුදුම විදියට සතුටු වුණා.”

”උඹ දැන් හදන්නෙ අවුරුදු විස්සක විතර කොල්ලෙක් ඉන්න ගෑනි මගෙ ඇෙ`ග් එල්ලන්නද? හිමාල් තේ බීල බිල අරං වරෙන්. උඹට ජිප් එකේ යන්න බැරි නම් මේකට වරෙන්.”

”හරි සර්… ඕකේ සර්…” හිමාල් නික්ම යයි. පතිරණගේ තොලට මද හිනාවක් නැගේ.

”මූට පිස්සු…”

නැවත හිමාල් දුවගෙන එයි. ‘‘ඇයි..?”

”සර් මැඩම් බිල ගෙවල.”

”හරි බං මැඩම්ට සල්ලි ඇති. උඹ මේකට වරෙං”

”සොරි සර්. මැඩම් තනියම නේද?”

”හා හා උඹ ගිහින් තනි රැකපං.. කවද්ද අන්තිමට ගෙදර ගියේ.”

”නෑ සර් නැහැ”

”පලයං ජිප් එකේ වරෙං…”

වරෙං පලයන් භාෂාව පතිරණ භාවිත කරන්නේ හිමාල්, රසික, ජයරත්න හා සුසන්ත යන පිරිස අතර දීය. වසර ගණනක් තිස්සේ තමා සමඟ සිටින මොවුන් ඉදිරියේ තමාට පෞද්ගලිකත්වයක් නැති තරම්ය. ඔවුන් එකිනෙකා එක එක නිලවල සිටියත් එකම කණ්ඩායමකි. පතිරණ මොන තනතුරට ගිය ද කෙසේ හෝ ඔවුන් කරකවා ළඟට ගනී. ඔවුන් එතරම් විවෘතය.

නැවත පිරිස ගමන් අරඹති. පතිරණගේ ජංගම දුරකථනය වෙත ඇමතුමකි. ඒ, හිමාල්ය.

”ඇයි හිමාල්….?”

”සර් කමාන්ඩර්ගේ ෆ්ලෑග් එකට කතා කළා.”

”ඔව්… සර් කමාන්ඩර් තව පැය තුනෙන් දියතලාවේ…”

”හරි බං ලන්ච් එක චෙක් කරපං… ෂැලේ එක බලපං… අපි තව පැයක් ඇතුළත කෑම්ප් එකේනේ.”

”ඔව් සර්… සොරි සර්… ඇයි සර් මැඩම් අහනවා ඔව්.. මැඩම්ගෙ පුතා අපේ රෙජිමන්ට් එකට දාගන්න…”

”උඹ මේ මැඩම්ට කියපං.. ඒක මට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒක ඒ ගෑනිගෙ පුතා කරගන්න ඕන දෙයක් කියලා. කබ්බො එස්.එෆ්.එකට ගන්නෙ නෑ. උඹ ගත්තට.’‘

”හරි සර්.. සොරි සර්…”

හිමාල් ඇමතුම විසන්ධි කරයි.

”ඒ කොල්ලගෙ නමයි ඞීටේල් (විස්තර) ටිකයි ගනිං. මම බලන්නං.”

”හරි සර්.. ඕ.කේ.සර්.. සර් මැඩම් ළඟ කැවිලි වගයක් තියෙනවා. අපිට කන්න ගන්නලූ සර්.” පතිරණ නැවත ඇමතුමක් ගනියි.

”මට කවන්න ඉස්සෙල්ල උඹ කාපං.. මැඩම්ගෙ කැවිලි කාලා මගෙ වැඩ ටික ඇනුවොත් මං බලාගන්නං”

‘‘ ඕ.කේ. සර්.”

දුරකථනය විසන්ධි වේ.

හපුතලේ පසු කල විගසම නින්ද ගිය බව මතකය,

බි‍්‍රගේඩියර්වරයා ඇහැරෙන විට රථය දියතලා කඳවුරේ ගේට්ටුව අසලට පැමිණ තිබිණි. ජීප් රථය පිටුපස නවතා හිමාල් තම ප‍්‍රධානියා දෙසට ඇවිද ගෙන එයි.

”සර් අර මැඩම්ට පාස් එක තියෙනවා ඇතුළට ගම්මුද මෙතනින් බස්සවල එන්න කියමුද?”

”අපේ වාහනේ ඇතුළට ගන්න එපා. ටික දුරනේ. ඇවිදගෙන එන්න කියපං.”

”කොහොමත් අපි ෂැලේ එකට ගිහින්නෙ යන්නෙ.”

කාන්තාව බැස හිමාල්ට මොන මොනවා දෝ කියයි. අත් බෑගයට අමතරව තවත් බෑගයකි. පැති කණ්ණාඩියෙන් පෙනෙන රුව අපහැදිලි වුවත් පතිරණට දුක සිතුණි. මොනව වුණත් ඩිරෙක්ටර් කෙනෙක්නේ. ඔහු හිමාල්ට දුරකථනයෙන් අමතා,

”හිමාල් ඔය ලේඩිව ජීප් එකේ ගිහින් පෙරට් ග‍්‍රවුන්ඩ් එක ගාවින් ඩ්‍රොප් කරල අපේ ෂැලේ එකට එන්න. බඩියට මගේ සෙරමෝනියල් එක හදන්න කියන්න. කමාන්ඩර්ගෙ ලන්ච් එක බලන්ඩ. ජීප් එකේ පොඩි පෙට්ටියක මගේ පරණ ඩයරි වගයක් ඇති ඒවා මගේ රූම් එකෙන් තියන්න. ඔයාගෙ ලන්ච් එකයි කොල්ලන්ටයි ඇරේන්ජ් කර ගන්න. මම කමාන්ඩර් එක්ක ලන්ච් එකට යනවා. ඩිරෙක්ටර්ට ෆෝන් කරන්න මම ආව කියන්න. ලේඩි බස්සල එන්න.”

”සර්.. සර්.. සොරි සර් මේ මැඩම් සර්ට තෑන්ක් කරන්න ඕනලූ.”

”හරි හිමාල් ඕකේ එයාව බස්සන්න මම තියනවා.”

ලස්සනට කප්පාදු කළ පඳුරු සමූහයක මල්වලින් දෙපස සැරසී කඳවුර පාරට අමුතුම අලංකාරයක් එක්කරවීය. දියතලාව තරම් සුන්දර කඳවුරක් පතිරණ කොතනකවත් දැක නැත. තමා ලූතිනන්වරයකු ලෙස හමුදාවට බැදුණු කාලෙයේ සිට පතිරණ දියතලාවට ආදරය කළේය. කෙටි කාලයක් තුළ හෝ තමා සමඟ මෙහි පුහුණු වූ කීදෙනක් යුද්ධය ගිල ගත්තා ද? සරා, අමරෙ, පීරා, ඔසා ඔහු මතක් කරන්න උත්සාහ කළේය. ලස්සනට තිබූ මල්වැල් ආරුක්කුවක් යටින් කාරය ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ නිවසට ළඟා විය. හේ දැන් බි‍්‍රගේඩියර්වරයෙකි. පතිරණ තරමක් උජාරුවෙන් කාරයෙන් බැස, සුදු පැහැති වේවැල් පුටු අතරින් ගොස් සුවපහසු සෝපාව මත වාඩිවිය.

”ජයරත්න මට හොඳ කහට එකක් ගේන්න.”

ඔහු නිවස්නයේ ඇතුළට යමින් සිටි තම බඩියාට අණ කළේය. ජීප් රථය පැමිණෙමින් තිබේ. තමාට කරදර කළ කාන්තාව බැස යන්නට ඇත.

”හිමාල්.. හෙට අපි බලන්ගොඩ යනවා. ෂෙල්ටන් ඉන්නවනෙ. අද රසික ආපහු කම්ප්ලේන් දාන්න යන්න ඕන නෑ. ඌට ඉන්න කියන්න. අර ඩයරි තියෙන පෙට්ටිය ගේන්න මගේ රූම් එකට, කමාන්ඩර්ගේ ලන්ච් එක චෙක් කරන්න. මමයි, ඩිරෙක්ටයි, මෙහෙ සී.සී.ල තුන්දෙනයි බි‍්‍රගේඩ් කමාන්ඩර් විතරයි ලන්ච් එකේ ඉන්නෙ, ඒ වුණාට වැඩිපුර කෑම ප්ලේට් කීපයක් ස්ටෑන්ඩ් බයි කරන්න. ”

” ඕ.කේ. සර්”

හිමාල් තම යුනිෆෝමය සකසමින් වේවැල් පුටු සහ කහ පාට පුටු පෙළ අතරින් නික්ම යයි.

දියතලාව ඉතිහාස ගත කඳවුරකි. දෙවන එළිසබත් රැජිනගේ වල්ලභයා වූ පිලිප් කුමරු පවා මෙහි රාජකාරි කර ඇත. සිංහල වාසගම සහිත තම මුස්ලිම් මිතුරකු වන ගම්පළ වෙද මුහන්දිරම්ලාගේ මොහොමඩ් ෆවුසාල් අමීන්, තම පියා පිලිප් කුමරුගේ ආවතේව කළ ආකාරය විස්තර කර ඇත. විශාල කඳවුරක් වන මෙහි හැම තැනකම ඇවිදීමට පතිරණට වුවද ඉඩ ප‍්‍රස්තාවක් තිබුණේ නැත. රත්මල් පඳුරු මත ගැවසෙමින් ලස්සන මලිිති ජෝඩුවක් නද දෙති. පැණි උරාබොති. කදුකර සුළඟ මල් පඳුරු අතරින් හමා යන විට හමුදා ආචාර පෙළපාළියක් සිහි ගන්වයි. ඈතින් පාර දෙපස ඇති විලෝ ගස් සුළං පහරට නැවී නැවත ඍජු වෙයි. ඔහුට මේපර් හයින් එනම් – ඊශ‍්‍රායල ඉන්ට් (බුද්ධි) පුහුණුකරු සිහි වේ.

”ඔත්තු බලන්නා විලෝ ගසක් වගේ වෙන්න ඕන. නැමෙන සුලූ විලෝපිතයන් කුණාටුවෙන් පස්සේ කෙළින් වෙනවා.”

එය කෙතරම් සත්‍ය දැයි පතිරණට සිතේ. තම ජීවිතයේ දුන් සෑම කුණාටුවකදීම නැමී සිටි තමා කෙළින් විය. සීතල සුළඟ ඝන යුනිෆෝමය පසාරු කරමින් පතිරණගේ පපු ප‍්‍රදේශ ස්පර්ශ කරයි. තම තොල් දෙක වියළී ගොස් ඇති බව පතිරණට පසක් වේ. ’සීතලක තරම.’ ඔහුට සිතේ. ජයරත්න සමඟ පැමිණි වේටර්වරයා පිළිගැන් වූ කහට කෝප්පය පංකාදුය.

”ජයරත්න යුනිෆෝම් හැදුවද?”

”හදනවා සර්”

”හරියට කරනවා”

” ඕ.කේ. සර්” ජයරත්න නික්ම යයි.

තවත් සෙබළෙක් ට‍්‍රැක් ඇඳුමක් ඇඳ, පතිරණ ඉදිරියේ පෙනී සිටී.

”සර්… හොට් වෝටර් (උණු වතුර) ඔන් කරන්නද? සර් දැන්ම වොෂ් එකක් ගන්නවාද?”

”නෑ… තව ටිකකින් කියන්නම්.”

ඈත නරියාකන්ද දෙසින් හමන සුළඟ සයිප‍්‍රස් ගස්වල වැදී මරලතෝනි දෙනවාක් මෙනි. ඉදිරි පස පාරේ කඳවුරේ සේවයේ නියුතු එකා දෙන්නා ඕනවට එපාවට මෙන් ගමන් කරයි. හිමාල් පැමිණියේය.

”සර් ෆ්ලෑග් එකට කතා කළා. තව පැයෙන් කමාන්ඩර් මෙහෙ”

” ඕ.කේ., ලන්ච් හරිනෙ”

”ඔව් සර්”

”හිමාල් ?ට වයිල්ඩ් මෝ (වල් ඌරු මස්) ටිකක් හොයා ගන්න බලපන්..”

”හරි සර් ඇරෙන්ජ් කරගත්තා.”

”කොහෙන්ද බං..”

”සර් ආමි එකේ මේජර් මලවරගේ ගෙ ගෙදර තියෙන්නේ මෙහෙනෙ. කෑම්ප් එකෙන් එළියෙ. මෑන් ලීව් ලිපි ඇවිල්ල සර්, බඩු ටික මෙහාට ගෙනත් දෙයි.”

”ආ… ඌට සල්ලි දීපං.. වලා මෙහෙ හුඟක් ගණන් ඇති. අමතක කරන්න එපා.”

”නෑ..සර්.. සල්ලි ගන්න එකක් නෑ. ඒවා ගෙනත් දෙයි.”

”එහෙනම් ඌට ඩිනර් එකට ඉන්න කියපං”

” ඕ.කේ. සර් තෑන්ක්..”

දුරකථනය තොරතෝංචියක් නැතිව නාද වෙයි. එහා පැත්තෙන් ලූතිනන්ර් කරනල් ෂෙහාන්, කතා කරයි. ”ආ… සර් ආවද ..”

”ඔව්, මචං මං ෂැලේ එකේ උඹ කොහෙද?”

”මම සර් ළඟ ඉන්නෙ.”

”වරෙං වරෙං චැට් එකක් දාමු. තව ටිකෙන් කමාන්ඩර් එයි.”

”හරි සර්, ඕ.කේ.”

ෂෙහාන් තම පාසල් මිතුරකු වෙයි. යුද හමුදා කාලතුවක්කු බළකායේ නිලධාරියකු වන ඔහු ළඟ දී ලූතිනන් කර්නල් වරයා ලෙස උසස් වීම් ලැබීය. තම සම වයසේ, එක පන්තියේ රාජකීය විදුහලේ ඉගෙන ගත්තත් තම දක්ෂතා නිසා පතිරණ ඔහුට වඩා නිලයන් දෙකක් ඉදිරියෙන් සිටී. ෂෙහාන් පතිරණට ‘සර්’ කියා ඇමතුවද පාසල් ළබැඳියාව දෙදෙනා තුළම එක ලෙස පවතී.

– මතු සම්බන්ධයි

– කාශ්‍යප වීරක්කොඩි

උපුටාගත්තේ සත්හඬෙන්

සංහාරයකුගේ පාපොච්චාරණය -3

 

One thought on “කබ්බො එස්.එෆ්. එකට ගන්නෙ නෑ (සංහාරයකුගේ පාපොච්චාරණය -4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *