විශේෂාංගඋපුටාගැනීම්

අසාර්ථක උමා ඔය ව්‍යාපෘතියේ වත්මන් යථාර්ථය

මිනිස් ජීවිතය හා එහි පැවැත්ම රැුඳී ඇත්තේ, සොබාදහම තුළයි. සොබාදහමත් මිනිසාත් අතර වූ සහජීවන ක‍්‍රියාවලිය බරපතල ලෙස බිඳ වැටෙන්නට බලපාන ලද හේතු කවරේ ද? මිහිමත ජිවිතය ගතකළ යුතුය. ජීවත් වීමේ අයිතිය පිළිගත යුතුය ගහකොළ, සතා සිවුපා, ගංගා, ඇළදොල සමස්තයෙහි ජීවත්වීමටද, ඇත්තේ ඒ හා සමානම අයිතියකි. මේ හා බැඳී සහජීවන ක‍්‍රියාදාමය බිඳ වැටුනේ කෙසේද?ඊට බලපාන ලද හේතු සාධක කවරේ ද? පරිසර පද්ධතීන් තුළ පවත්නා සුවිශේෂි විවිධත්වය හා පැවැත්ම බිඳවැටුනේ කාගේ වරදින් ද? අද අප හමුවට පැමිණ ඇති පාරිසරික ප‍්‍රශ්නවලට මුල් වූ භෞතික හේතූන් මොනවා ද?

ඒ අන් කිසිවක් නිසා නොව ඉවක් බවක් නොමැතිව ලාබ ඉලක්ක කර ගත් සංවර්ධන ව්‍යාපෘතීන්ගේ ආදීනවයයි. අසාර්ථක උමා ඔය ව්‍යපෘතිය ආරම්භ කරන ලද්දේ පරිසර වාර්තා සියල්ල නොතකා හරිමින්ය. වැළිමඩ, පුහුල්පොල, ඩයරබා හා මා තැටිල්ල  ප‍්‍රදේශයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ විය. මීට අදාළ උමං මාර්ගයේ කටයුතු පිළිබඳව මතුව ඇත්තේ ආන්දොලනාත්මක කතා බහකි. උමගේ වතුර කාන්දුවීමක් නිසා අපදා තත්වය තවදුරටත් බරපතල වී තිබේ. උමග සැකසීමට භාවිතා කරන යන්ත‍්‍ර සූත‍්‍ර හා පුපුරණ ද්‍රව්‍ය නිසා වූ දෙදරීම් හේතුවෙන් පොළොව මතුපිට නිවාස රැුසක්ම ඉරිතැලීම් පුපුරායාම් සහ ගිලා බෑසිම්වලට භාජනය වී ඇත.

පසුගිය 2015 ජනවාරි වන විට එකී තත්වයට මුහුණ දුන්නේ බණ්ඩාරවෙල හීල්ඔය වැසියන්ය. ප‍්‍රදේශවාසීන්ට නොදන්වා ක‍්‍රියාත්මකවන ව්‍යාපෘතිය නිසා මතුවන ආපදා තත්වය ක‍්‍රමයෙන් උත්සන්න වීම අඛණ්ඩව සිදු විය. ”මේ ප‍්‍රශ්නය ඉක්මනට විසඳෙන පාටක් නෑ’ පල්ලේපෙරුව, උඩපේරුව ප‍්‍රදේශ දක්වා මේක පැතිරිලා මාස 15 ට කලින් සිදුවුණ ආපදාවලට වන්දි මුදල් තක්සේරු කළා. දැන් ඒ ගෙවල්වල ඉන්න බෑ. ගිලා බැසීම්, ඉරිතැලීම් තවදුරටත් පාලනය කළ හැකි තත්වයක් නෑ. ඒ නිසා මීට මාස 15 ට කලින් කළ තක්සේරුවට අදාළ වන්දි මුදල දැන් කීයටවත් ප‍්‍රමාණවත් නෑ. දැන් සිද්ධවෙලා තිබෙන්නේ ඒ ගෙවල්වල බිත්තිවලට යටවෙලා මැරෙන්නයි. ප‍්‍රදේශවලින් ආපදා පවුල් ඉවත් කිරීමට අදාළ නිශ්චිත වැඩපිළිවෙලක් තාම නෑ.” යැයි අපට කීවේ හීල් ඔය බෝධිපාල හෙට්ටිආරච්චි මහතාය.
නැවත සියලූදේ තක්සේරු කිරීමට සිදුවී තිබේ. මන්ද යත් ව්‍යාපෘතියේ අසාර්ථකභාවය තුළ පීඩාවට පත්වන්නේ, එම ප‍්‍රදේශවල ජිවත්වූ මිනිසුන් පමණි. දෙසැම්බර් 30 සිට ලබා දුන් අධිකරණ නියෝගයට අනුව වගා වන්දි ක‍්‍රියාවලියද, ක‍්‍රියාත්මක වන්නේ නැත. එමෙන්ම මේවන විට උඩපේරූව ප‍්‍රදේශය තුළ පමණක් නිවාස 200 ට වැඩි ප‍්‍රමාණයකට මෙම තත්වය බලපා තිබේ. එය 2015 නොවැම්බර් 26 හීල්ඔය ගම්මානයේ ජලඋල්පත් සිඳි ගිය බවත්, නිවාස විශාල ප‍්‍රමාණයක් ඉරිතැලීම්වලට හා ගිලා බැසීම්වලට ලක් වී ඇති බවත්,  ඒ වන විට සමාජයේ කතාබහට පැමිණ තිබුණි. ඊට පෙර පුහුල්පොල ප‍්‍රදේශයම මේ ආපදාවට ලක් වී තිබුණි. පුහුල්පොල, ඩයරබා ප‍්‍රදේශවල වැසියන් 2015 මුල් කාලයේ ඉවත් කිරීමට තීන්දු වී තිබුණි. එපමණක් නොව මා තැටිල්ල මෙන්ම ඒ ආශ‍්‍රිත කුඹුරු ඉඩම් විශාල ප‍්‍රමාණයක් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් සඳහා යොදාගෙන තිබුණි. ඒ නිසා ජනයා පත් වූ අපහසුතාවය නිසා ඊට එරෙහි විරෝධය දිනෙන් දින උග‍්‍ර වන්නට විය.

2015 මාර්තු 15 දින අඹදණ්ඬේගම ගම්මානයෙහි සිදුවූ ගිලා බැසීමට හේතුව මෙම ව්‍යාපෘතියයි. එපමණක් නොව 2015 ඔක්තෝබර් 03 වනදා නැවත වරක් මකුල්ඇල්ල වැසියන් මහ මගට පැමිණියේ කඩිනම් විසඳුම් බලාපොරොත්තුවෙනි. ඒ වන විට මකුල්ඇල්ල වැව හිල් වී එහි වතුර සියල්ල පොළොව පතුළට කාන්දු වී තිබුණි. අභ්‍යන්තරයේ ඉදිරියට යන උමං මාර්ගයේ ඉදිකිරිම් නිසා බුරුල් පස් තට්ටු ඇති ප‍්‍රදේශ මතුපිට විවිධ විපර්යාසයන් ඇති විය. ඒ කිසිවකට පිළිතුරු දීම දිගින් දිගටම කල්යමින් පවතී. මීට අදාළ උද්ඝෝෂණ ක‍්‍රියාදාමය දිය වී යාම නිසා ගම්මාන සියල්ල එකතුවීම වෙනුවට දැන් සිදුවන්නේ, වෙන් වෙන්ව ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිමයි. මීට අදාළ සමාජ කතා බහ වේගයෙන් පැතිර යමින් පවති. මේ නිසාම ඌවේ හදවත බදු උමා ඔය පදනම් කරගනිමින් සිදුකරනු ලබන මෙම ව්‍යාපෘතියේ අසාර්ථක භාවය පිළිබඳ පුළුල් සාකච්ඡුාවක් සමාජගත කිරීම අත්හල නොහැකි කරුණක් වී ඇත.

ආරම්භයේදීම මෙකී ප‍්‍රශ්නය උද්ගත වූ මොහොතේ මතු වූයේ ප‍්‍රබල ජනතා සටනකි. ”අසාර්ථක උමා ඔය ව්‍යපෘතියෙන් විපතටපත් ජනතාව” සඳහා නායකත්වය ඒ මොහොතේ අත්‍යාවශ්‍ය කරුණක් වී තිබුණි. එනිසාම ප‍්‍රදේශවාසීන් 3000 ට අධික පිරිසක් බණ්ඩාරවෙල නගරයට පැමිණියේ මෙම ව්‍යපාතිය ආරම්භකළ තැනින්ම නතර කර දැමීමටයි. ඊට උවමනා සටන්කාමීත්වය මෙන්ම මග පෙන්වීම නිසියාකාරව ලැබී තිබුණි. 2015 ජනවාරි 25 දින මතු වූ ජනතා අරගලයෙහි ප‍්‍රධාන සටන්පාඨය වූයේ ‘ජීවිත වනසන උමාඔය ව්‍යාපෘතිය නවතනු !’ යන්නයි. එමෙන්ම පානිය ජල ලිං, ජල උල්පත් සිඳියයි. කුඹුරු ඉඩම් විනාශ වී යයි. ගේ දොර ඉරිතලයි. ජන දිවිය අඩාලයි. විපතට පත් ජනතාවට සහන සලසනු. ‘අසාර්ථක උමා ඔය ව්‍යාපෘතිය වහා නතර කරනු!’ යන්න දෙවැනි සටන් පාඨයයි. සටනෙහි මූලික අරමුණ වූයේ ව්‍යාපෘතිය නතර කර දැමීමයි. නමුත් අද එය සෑබැවක් වී නැත. වැසියන් දැන් වසර 02 කටත් වැඩි කාලයක් පුරා තව ඉදිරියටත් පිඩාවට පත් වීමට නියමිතව ඇත. සිදුවීම් සිදුවන්නේ කොක් හඩලා සීනාසීමට හෝ හඩා වැළපීමටත් නොව එයින් පාඩම් ඉගෙන ගැනීමටයි. එපරිද්දෙන්ම පිඩාවට පත් ජනතාවගේ ප‍්‍රශ්නය විසඳීමට පොරොන්දු ලබා දුන් යහපාලන රජයේ පාලකකාරකාදීන් සේම සැබෑ සටන පසෙක තබා ජනතාව ඊනියා සටනකට පෙළඹ වූ වම්මුන්ගේ අනුහසින් ප‍්‍රශ්නය තවදුරටත් පවතින්නේ ඊට නිසි පිළිතුරක් දීමට තිබූ අවස්ථාවන් සියල්ලම අහෝසි කරමින්ය.

”මේක අපේ පළවෙනි වෙඩි මුරය පමණයි. ඊලගට අපි එන්නේ හට්ටි මුට්ටි අරගෙන අපේ සියලූ ජනතාවත් එක්ක, උමං මාර්ගය පුහුල්පොලිනුත් වහනවා. මකුල් ඇල්ලෙනුත් වහනවා. අපි මෙතනින් නවත්වන්නේ නෑ. මේ ඇවිල්ලා ඉන්නේ ග‍්‍රාම සේවා වසම් 05 ක කට්ටිය විතරයි. අපි සංවිධානය කරනවා. පුහුල්්පොල ඉදලා කරඳගොල්ල දක්වා තිබෙන සියලූ ගම්. මහ ඇමති, අගමැති, ජනාධිපති පත් කළේ අපි. අපි තමයි ඡුන්දේ දුන්නේ, ඒ නිසා ඒ ගොල්ලන්ට අපේ ප‍්‍රශ්නවලින් පැනලා යන්න බෑ. අපිට උත්තර  ඕනි.” යනු වෙන් ජනවාරි 25 බණ්ඩාරවෙල නගරයෙන් පටන්ගත් සටන නිශ්චිත අරගල මාවතෙහි එනම්, උමං ව්‍යාපෘතිය නතර වෙනවා වෙනුවට පසුගිය 2015 ජනවාරියේ පැවති මැතිවරණ උවමනාව සඳහා  කළමණාකරණය වීමේ ප‍්‍රතිඵලයට අද මුහුණ දෙන්නේ ප‍්‍රදේශයේ පීඩාවට පත් වැසියන් පමණි.

මේ ප‍්‍රශ්නය තවදුරටත් ව්‍යාප්ත වීම නතර වී නැත. පසුගිය 2016 නොවැම්බර් මාසයේදී යළිත් වරක් ගිලා බැසීමක් ආරම්භ වූයේ උඩ පේරූව කුඹුරු ඉඩමක් තුළින්ය. එමෙන්ම මෙය බණ්ඩාරවෙල තන්තිරිය දක්වා දැනට ව්‍යාප්ත වී ඇත. සැබවින්ම ඉහත ප‍්‍රශ්නයට අදාළ අපදාව බදුලූ භූමිය පසුකර යන විට එතැනින් ද අවසන් වන්නේ නැත. එය තවත් පවුල් සහ ඉඩම් ප‍්‍රදේශ උල්පත් කීයකට බලපානු ඇති ද? අදටත් ඒ පිළිබඳ තක්සේරුවක් නැත. වගා කටයුතු අඩාල වී විපතට පත් ගොවියන්ට  නිසි වන්දික‍්‍රියාවලියක් අදටත් නැත. මෙවර වර්ෂාපතනය වෙනස නිසාම ආපදාව මතු පිටට පැමිණිම සිදුනොවුන ද ඉදිරියේ ඒ පිළිබඳ වූ ප‍්‍රමාණවත් අවබෝධයක් ජනතාවට ලබා දී නැත. වන්දි මුදලක් ලබා දුන්නද ප‍්‍රශ්නය අවසන් වී නැත. ඔවුනට අදාළ විකල්ප ඉඩම් හඳුන්වා දීමක් ද නැත. මේ නිසා හෙට දිනටත් ජනතාවට ඉතිරිව ඇත්තේ මෙකි අසාධාරණයට හා පිඩනයට එරෙහිව අරගල කිරීමයි. ව්‍යාජ මාවත්වල නොවැටී සැබෑ සටන් තුළට ජනතාව ගෙන ඒමේ වගකීම වාමාංශික ව්‍යාපාර විසින් තවදුරටත් අභ්‍යාස කළ යුත්තකි. ඊට මුහුණ දෙන මෙකී අරගලය යළි මතු වීම කිසිවිටකත් වැළැක්විය නොහැකි යථාර්ථයකි.

උපුටාගත්තේ  LankaViews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *