විශේෂාංගඋපුටාගැනීම්

ජාතික ගීය දෙමළෙන් ගැයීම ඉතාම දියුණු අවස්ථාවක් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

පාර්ලිමේන්තු පාරේ නා ගස් පේළිය අතරින් දිවෙන මඟෙක පිහිටි ගොඩනැගිල්ලක ඉදිරියේ වූ ගේට්ටුවේ මෙවැනි සඳහනකි.

”මේ වල්පොළ ශ‍්‍රී රාහුල බෞද්ධ අධ්‍යයනය ආයතනයයි.” ”උපත මත බොහෝ විට තීරණය වූ ජාතිය ජන වර්ගය ආගම, කුලය ආදී අනන්‍යතාවලින් හැකිතාක් මිදී මෙම භූමියට ඇතුළු වන්න.”

එම දැන්වීමේ සුවිශේෂ බව නිසාම මෙම ස්ථානයට ගොඩවැදී භික්ෂුන් වහන්සේ සමඟ කතාබහ කරන්නට සිතුවෙමු. මෙම ස්ථානයේ නම වල්පොළ ශ‍්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයයි. එහි අධිපති ස්වාමින්වහන්සේ ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින්වහන්සේයි. උන්වහන්සේ සමඟ අප කළ කතාබහ ඔබේ දැනගැනීම සඳහා මෙසේ දක්වමු.

x ඔබ වහන්සේ?

මම ගල්කන්දේ ධම්මානන්ද.

 

x මොකක්ද මේ තැන ?

මේ වල්පොළ ශ‍්‍රී රාහුල හාමුදුරුවෝ වැඩ විසුව තැන. මම රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙක්.

 

x ඔබ වහන්සේ මොන කාලයේ ද ශාසනයට ඇතුළත් වෙන්නේ?

1983 අවුරුද්දේ දී. මම මහණ වෙන්නේ ඒ හාමුදුරුවන්ගේ මුල් පන්සල වෙන ගාල්ල පරගොඩ විහාරයේ.

 

x මේ පන්සලට ඇතුළු වෙන විටම අපි වෙන පන්සලක නොදකින විශේෂත්වයක් දකිනවා. ඒ ඔබ වහන්සේ දාල තිබෙන දැන්වීම හරහා. ඇයි ඔබ වහන්සේ එවැනි දැන්වීමක් දැම්මේ?

එය එක්තරා විදියකට ඇතුළින් ආපු උත්තරයක් වගේ කියල මට හිතෙනවා. අපි කරන්න හදන හැම වැඩකම කිසියම් විකල්ප උත්තරයක් දෙන ආකාරයක් තියෙනවා. සාමාන්‍යයෙන් පන්සලකට ඇතුළු වෙන විට තිබෙන්නේ හිස්වැසුම් හා පාවහන් ගලවා ඇතුළු වන්න කියලා. නමුත් හිස්වැසුම් හා පාවහන් ගලවලා ඊට වඩා භයානක දේවල් ප‍්‍රමාණයක් අරගෙන එනවා. ඒ නිසා හිස්වැසුම් හා පාවහන් තිබුණට කමක් නෑ. ඊට වඩා බරපතළ දේවල් අයින් කරලා එන්න කියන එකයි ඉන් අදහස් කළේ. ඒ වගේම බුදුහාමුදුරුවන් ධර්මය දේශනා කරන විට ජාති, ජනකොටස්, වර්ග කියලා තිබුණේ නෑ. එය මනුෂ්‍ය ජනයා සඳහායි. නමුත් දැන් තියෙන ධර්මය සිංහල ජනයා, සිංහල බෞද්ධයා සඳහා පමණයි. මෙතන දී අපි කරන වැඩසටහන්වල දී ඒ කෙනාගේ ආගම මොකක්ද කියන එක ප‍්‍රශ්නයක් නොවන විදිහට, වෙනසක් නොදැනෙන විදිහටයි අපි වැඩ කරන්නේ. ඒ එන කෙනාට ඇතුළු වෙනකොටම නිදහස් වෙන්න පුළුවන් මෙතන මාව පිළිගන්න තැනක් කියලා.

 

Galkande Dhammananda thero 5x එතකොට හාමුදුරුවනේ අනෙක් පන්සල්වල භාවිතය හා මේ පන්සලේ භාවිතය අතර වෙනසක් තියෙනවනේ? එතකොට බුදු දහමට අනුව කොහොමද මෙය පෙන්නලා දෙන්නේ? ඒ කියන්නේ අද යම් කිසි විකෘතියක් තියෙනවද?

මම දකින විදිහට එය විකෘති කියන වචනයට වඩා කාලයක් යන විට දේවල් වෙනස් වෙනවා, විකාශනය වෙනවා. අපි ඒ ගැන සවිඥානික වුණේ නැතිනම් අපි සෑහෙන ඈතක ඉන්න පුළුවන්. එතකොට සමහර දේවල්, චාරිත‍්‍ර ඇතුළු වෙන්නේ නැත්තේ සමහර හේතූන් උඩ. උදාහරණයක් විදහට අපි කතාවක් අහල තියෙනවා එක හාමුදුරු කෙනෙක් පිණ්ඩපාතේ වඩින්නට පෙර එළියට ඇවිත් පාත්තරේ උඩට අල්ලලා බලලා පිණ්ඩපාතේ යන එක තීරණය කරනවා. ඒ හාමුදුරුවන්ගේ ගෝලයෝ ඔක්කොමත් එළියට බැහැලා පාත්තරේ උඩට අල්ලලා බලලා තමයි පිණ්ඩපාතේ යන්නේ. ඔහොම පරම්පරා හතක් හාමුදුරුවරු එහෙම කළා කියලා කියනවා. මුල් හාමුදුරුවෝ පාත්තරේ උඩට අල්ලලා බලලා තියෙන්නේ පාත්තරයේ හිලක් තිබුණ නිසා එතනින් ඇඟිල්ල තියාගන්න. ඉතින් මම කියන්නේ මේ සමහර චාරිත‍්‍ර ආරම්භ කරපු විදිහ අපි දන්නේ නැතිව නිකන් කරගෙන යනවා. ඒ විදිහට පාවහන්, හිස්වැසුම් ගලවන්න කියලා සමහර ආගම්වල කියනවා. තවත් ආගම්වල තියෙනවා හිස වසාගෙන යන්න කියලා, තවත් ආගමක තියෙනවා කමිසය ගලවලා යන එක ගෞරවයක් කියලා. නමුත් අපේ ආගමේ තියෙන්නේ පාවහන්, හිස්වැසුම් ගලවලා යන්න කියලා. ඉතින් මම හිතනවා මේ මොහොතේ සාම්ප‍්‍රදායික යමක් කරනවා වෙනුවට අර්ථයක් තියෙන දෙයක් කළ යුතුයි කියලා.

 

x රාජ්‍යයේ පාලනයට භික්ෂූන් වහන්සේලා මැදිහත් විය යුතුද? මෙය ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

එය හරි සංකීර්ණ ප‍්‍රශ්නයක්. මම මේ විදිහට කියන්නම්. බුදුහාමුදුරුවෝ ගෝලයෝ හැටදෙනාටම පළමුව කී දේ වුණේ මිනිසුන් අතරට යන්න කියන එක. එතකොට පැහැදිලිවම මෙය මිනිසුන් සමඟ සම්බන්ධයි. තනිවම සිදු වන දෙයක් නෙවෙයි. මිනිසුන්ගේ සුබසෙත සඳහා වැඩ කළ යුතුයි. ඒ අනුව බහුජනයා කියන්නේ බොහෝ විවිධතා තිබෙන මිනිස්සු. ඒ හැමෝගෙම සුබසෙත සඳහා මැදිහත් වීම හාමුදුරුවන්ගේ කාරණයක්. හතළිහ දශකයේ බි‍්‍රතාන්‍යයන් යටතේ තිබුණු ලංකාවේ වැඩවලට හාමුදුරුවරු මැදිහත් වෙනවානේ. එතන දී ඇත්තටම කියන්නේ හඬක් නැති මිනිසුන් අතරට ගිහින් ඒ මිනිසුන්ගේ හඬ වෙන්න කියලා. නමුත් එතනින් එහාට මම දකිනවා එය ජාතිය සමඟ සම්බන්ධ වෙනවා, එතනින් එහාට යන්න බැරි වෙනවා. ඊට පසුව ක‍්‍රමයෙන් දේශපාලන පක්ෂවල අතකොලූවක් බවට පත් වෙනවා. මේ වන විට ඉතා භයානක විදිහට දේශපාලන වුවමනාවන් වෙනුවෙන්, පක්ෂ වෙනුවෙන් එක වෙලාවට පාරට දාන කණ්ඩායම් පවත්වාගෙන යන මට්ටමට පත්වෙලා තිබෙනවා. මෙය බුදු දහමේ හෝ සංඝයාගේ කාර්ය නෙවෙයි.

 

Galkande Dhammananda thero 1x අද දවසේ භික්ෂූන් වන්සේගේ කාර්ය භාරය කුමක් කියලද ඔබ වහන්සේ කියන්නේ?

මම දකින බරපතළම ප‍්‍රශ්නය අපි අතර සාකච්ඡාව බිඳ වැටිලා, අධ්‍යාපනය බිඳ වැටිලා. ඒ නිසා මම දකින දේ වෙන්නේ මේ සඳහා සංවාදයක් අවශ්‍යයි. සමාජය කොතරම් පිරිහිලා ද, ඒ නිසා මේ වෙලාවේ හමුදුරුවෝ එළියට ගිහින් මොනවාද කරන්නේ කියන එක ගැන මම බයයි. කරන්න එපා කියලා මම කියන්නේ, මුලින්ම සිදු විය යුත්තේ තමන් සුදුස්සා වෙන එක. ඒ සුදුස්සා වීම සඳහා වන අධ්‍යාපන වැඩසටහන්, සාකච්ඡා අවශ්‍යයි. හාමුදුරුවන් යම් යම් දේවල්වලට මැදිහත් විය යුතු මට්ටමේ නායකත්වය දිය යුතු මට්ටමේ නෑ. සමාජය සංකීර්ණයි, අපි ඒ තත්ත්ව දැන ගන්න නම් දැනුමෙන් වර්ධනය වෙලා ඉන්න ඕන. එහෙම දැනුමෙන් වර්ධනය අඩු පිරිසක් යම් යම් දේවලට අත ගහනවා කියන්නේ වැරැදි ප‍්‍රතිඵල ලැබෙනවා කියන එක.

 

x අපිට දකින්න ලැබෙන දෙයක් තමයි බුද්ධ දේශනාවේ තිබුණ දේවල්වත් සමහර හාමුදුරුවෝ දන්නෙ නෑ කියන එක. එය ශාසනය ඇතුළින්මයි නේද සකස් විය යුත්තේ?

මම අදහස් කරන්නෙත් ඒකයි. ඒක තමයි පළමු දේ. අභ්‍යන්තරික සංවාදයක් අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපි මේ ආයතනය හැටියට යම් යම් දේ ගොඩනඟමින් සිටිනවා ඒ ශාසනේ දියුණුවට. නැතිනම් මේ සමාජයම ගරා වැටෙනවා. මොකද භික්ෂූන් වහන්සේලා සමාජයේ නායකත්වය දිය යුතු පිරිසක් විදිහට මිනිසුන් පිළිගන්නවා. එතකොට එහෙම බලයක්, හැකියාවක් තියෙන අයට පුළුල් සමාජ දැනුමක් නැත්නම් එය ඉතාම වෙනස් අදහස් තියෙන අය නෑ කියලා. ඒ වගේම වඳ වෙයි නැති වෙයි වගේ බියක් තියෙනවා. ඒ වෙනුවෙන් හාමුදුරුවරු පෙනී සිටිනවා. ජාතිය වෙනුවෙන් ඒක කරන්නේ බොහොම අවංකව. නමුත් මට තේරෙන්නේ නෑ ඒක කොහොමද වෙන්නේ කියලා. අධ්‍යාපනය හා සාකච්ඡාව තමයි එහි බිඳ වැටීමට මූලිකම හේතුව. ඒ වගේම දේශපාලනික වශයෙන් යම් යම් දෙනා සමහර දේ උලූප්පා දක්වනවා සහ යම් ව්‍යාපාර ගොඩනංවනවා. දැනට මතුවන මේ ව්‍යාපාර කිසිවක් භික්ෂූන් වහන්සේලා අතරින් ඔවුන්ගේ වුවමනාවට ගොඩනැගෙනවාද කියන සැකය තිබෙනවා. මේ ව්‍යාපාරවල එක හැඩයක් තියෙනවා. අනුරාධපුර ප‍්‍රදේශය පැත්තේ වකුගඩු රෝගය තියෙනවා. ඒ වගේ බරපතළ ප‍්‍රශ්න ගැන මේ ව්‍යාපාර හැදෙන්නේ නෑනේ. මේ ව්‍යාපාර හැමවිටම මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන හිතන ඒවා නෙවෙයි.

 

x එක් වරක් ජාතිවාදීන් පිරිසක් නගරයක් ගිනි තැබුවා. ඇයි මේ වගේ ප‍්‍රශ්නවලට හාමුදුරුවරුන් මැදිහත් වෙන්නේ?

ශාසනය රකිනවා කියන්නේ මුරකාර වැඩක් වගේ එකක්නේ. මෙය භුක්ති විඳීම හෝ මිනිස්සු සුවපත් කිරීම යන කාරණයට වඩා මෙය රකිනව කියන පොඩි භූමිකාව පහසුයි. මේවාට උත්තර හොයන්න යනවා කියන්නේ අමාරු වැඩක්. ඊට වඩා අපි තමයි මෙය ආරක්ෂා කරන්නේ කියන එක ලෙහෙසියි. ඉස්සර එහෙම තත්ත්වයක් තිබුණා. පුස්කොළ පොත් ටික නම් තියෙන්නේ ඒ ටික රැකගැනීම ලොකු වැඩක්. දැන් එහෙම ප‍්‍රශ්නයක් නෑ. ත‍්‍රිපිටකය අන්තර්ජාලයේ තියෙනවා, සීඩීවල තියෙනවා. මේවා නැති කරන්න කාටවත් බෑ. දේපළ රකින්න පුළුවන් ශාසනය සම්බන්ධ දේ නැති වෙන්නේ නෑ.

 

x ඔබ වහන්සේගේ පිළිතුර ඇතුළෙ කියවුණා දේපළ රකිනවා ධර්මය රකින්නේ නෑ කියලා?

මට හිතෙන්නේ ශාසනය රකිනවා කියලා මේ කියන්නේ දේපළ රකින එකට තමයි. වෙන මොකක්ද ශාසනය රකිනවා කියලා කියන්නේ.

 

x පහුගිය කාලයේ සමහර භික්ෂූන් වහන්සේලා අලි ඇතුන් ජාවාරම් කළා. මේවා සත්ව හිංසන. ඇයි භික්ෂූන් වහන්සේලා මේවා කල්පනාවට ගන්නේ නැත්තේ?

පොදුවේ සියලූ දෙනාම නෙවෙයි. මේවා සිදු වුණේ ඉතාම ඉහළ ජීවිතවලට ගිය අය අතින්. මම හිතන්නේ මේ අය තමන් කවුද? තමන්ගේ භූමිකාව මොකද්ද කියන එකෙන් බොහෝ දුරට ඈත් වෙලා. ආකල්පවල ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ ආකල්ප සරල නෑ. මම හිතන විදිහට දරුවෝ අපිව කොපි කරමින් සිටිනවා. අපි හමුවෙන්න එන ලොකුම කෙනා එන්නේ ලොකුම වාහනයක. මම හිතන්නේ හාමුදුරුවෝ ඒ ලොකුම ව්‍යාපාරිකයා ආදර්ශයට ගන්න යනවා කියලා. ඒකේ ප‍්‍රතිඵල වෙන්නේ ලොකු වාහනයක් ගන්න එක, ලොකු ගොඩනැගිලි හදන එක ලොකුම බුදු පිළිමය හදන එක, ලොකුම වලාකුළු තාප්පය ගහනවා වගේ දේවල්. තව පැත්තකින් වෙන්නේ අපි ගිහියාට විකල්ප දෙනවා වෙනුවට ගිහියව පිටපත් කරන එක. භයානකයි සමාජයට. ඒ අර්ථයෙන් හාමුදුරුවන් ගැන හෝ ශාසනය ගැන හිතල නෙවෙයි සමස්ත සමාජය ගැන හිතලා හාමුදුරුවන්ගේ අධ්‍යාපනය මීට වඩා පුළුල් විය යුතුයි. ශාස්ත‍්‍රීය හෝ විභාග නෙවෙයි, ඊට එහා ගිය පුළුල් අධ්‍යාපනයක් ලැබිය යුතුයි.

 

x මෑත කාලයේ දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම ගැන විශාල සංවාදයක් ඇති වුණා. ඔබ වහන්සේ ඒ ගැන මොකක්ද හිතන්නේ?

සමාජ ජාල හරහා මගේ වීඩියෝ බොහොමයක් හුවමාරු වී තිබුණා. ගිය වසරේ වෙසක් පොහොය දිනයේ දී මුලතිව්වල බිඳවැටුණ ගොඩනැඟිල්ලක සිට මං වීඩියෝ එකක් කළා. කොහොමද බුදු දහම උත්තරයක් විදිහට භාවිත කරන්නේ කියන එක ගැන. එහි දී මම රූප සහිතව සාකච්ඡා කළා දකුණු අප‍්‍රිකාව වාර්ගික ගැටලූව විසඳා ගැනීමට ගත් උත්සාහයේ එක් අවස්ථාවක් විදිහට ජාතික ගීය භාවිත කළ ආකාරය ගැන. එය මම කරන කාලයේ දී මේ නිදහස් දිනයේ දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමේ කිසිදු විභවයක් ඇති පරිසරයක් තිබුණෙ නෑ. ඒ නිසා මම ඉතාම සතුටින් ඒ ගැන බලාගෙන හිටියා, ඒ වෙලාවේ මගේ ඇස් දෙකට කඳුළු ආවා. එතරම් දියුණු තැනකට මේ සමාජය ඇවිල්ල තිබෙනවා දකින්න ලැබේවි කියලා මම හිතුවේ නෑ. එය ඉතාම දියුණු අවස්ථාවක්. බෞද්ධ අදහසින් මම කියනවා නම් බුදු දහමේ ඔය කියන ජාතික ගී, ජාතික කොඩි මේ සියල්ල සම්මුතීන්. ඒවා අමුතු දේවල් නෙවෙයි. සම්මුති සම්මුති විදිහට පිළිගන්නවා, නමුත් ගැඹුරින් ඇති කාරණාව වන්නේ කරුණාව, දයාව, මෛත‍්‍රිය වගේ දේවල්. මිනිසුන්ට සතුටින් සිටීම සඳහා ඔය සම්මුතීන් බය නැතුව වෙනස් කළ යුතුයි. දැනට සිදු වුණේ ජාතික ගීය ඒ තිබුණ තනුවටම දමිළ භාෂාවෙන් ගායනා කරන එක. නමුත් මම කියන්නේ මේ ජාතික ගීය වෙනුවට වෙන එකක් හදලා ජාතික කොඩිය වෙනස් කරලා වෙන කොඩියක් හදලා අපේ ජාතිය එකතු කරන්න පුළුවන් නම් එය තමයි විය යුත්තේ. මේ සංකේත අල්ලාගෙන අපි ගහමරා නොගෙන මිනිසුන්ට එකට ඉන්න පුළුවන් විදිහට මේවා වෙනස් විය යුතුයි. මේවා දෙවියන් වහන්සේ මැව්වේ නෑනේ. දෙවියන් වහන්සේ මැව්වා කියලා පිළිගන්නේ නැති අපිට අනෙක් පැත්තෙන් අනිත්‍යතාව ඒ කියන්නේ වෙනස් වීමට සූදානම් විය යුතුයි. ඒක තමයි කියන්නේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනය වීම බුදු දහමින් පෝෂණය ලබන මනුස්සයකුට කිසිම ගැටලූවක් නෑ. තියන පරිසරය උඩ එය ලොකු වැඩක් වුණා මිසක් නැතිනම් එය අමුතු දෙයක් නෙවෙයි.

සමහරවිට යටත්විජිත රටක් විදිහට තිබිලා නිදහස් රටක් හැදෙනවා. එතැන් සිට දේශපාලනය සම්පූර්ණයෙන්ම හැඩ ගැසෙන්නේ පිටින් එන සතුරෙක් ගැන බයෙන්. එක්කෝ බටහිර කුමන්ත‍්‍රණයක් නැතිනම් අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක්. හතුරෙක් නැත්නම් හතුරෙක් හදනවා. මම තව දකින දෙයක් තමයි ප‍්‍රධාන පෙළේ මාධ්‍ය මෙය තවත් අවුස්සනවා. ජාතිය අනතුරේ, මහා සංඝරත්නය පෙරට වඩින්න වගේ දේවල් කියමින්. එතකොට හාමුදුරුවෝ ඇයි මේකට යන්නේ කියල බලනකොට ටිකක් හොයල බලන්න ඕන ඔය ඉස්සරහට යන හාමුදුරුවන්ගේ අධ්‍යාපන මට්ටම ගැන. මෑත ඉතිහාසයේ ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ චරිත බවට පත් වෙන, මාධ්‍යවල නිතරම කතා කරන අය බවට පත් වෙන්නේ ඔය කියන රැල්ලේ අය මිසක් ඊට වඩා වෙනස් අදහස් තියෙන අය නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ, වෙනස් අදහස් තියෙන අය නෑ කියලා. ඒ වගේම වඳ වෙයි නැති වෙයි වගේ බියක් තියෙනවා. ඒ වෙනුවෙන් හාමුදුරුවරු පෙනී සිටිනවා. ජාතිය වෙනුවෙන් ඒක කරන්නේ බොහොම අවංකව. නමුත් මට තේරෙන්නේ නෑ ඒක කොහොමද වෙන්නේ කියලා. අධ්‍යාපනය හා සාකච්ඡාව තමයි එහි බිඳ වැටීමට මූලිකම හේතුව. ඒ වගේම දේශපාලනික වශයෙන් යම් යම් දෙනා සමහර දේ උලූප්පා දක්වනවා සහ යම් ව්‍යාපාර ගොඩනංවනවා. දැනට මතුවන මේ ව්‍යාපාර කිසිවක් භික්ෂූන් වහන්සේලා අතරින් ඔවුන්ගේ වුවමනාවට ගොඩනැගෙනවාද කියන සැකය තිබෙනවා.

මේ ව්‍යාපාරවල එක හැඩයක් තියෙනවා. අනුරාධපුර ප‍්‍රදේශය පැත්තේ වකුගඩු රෝගය තියෙනවා. ඒ වගේ බරපතළ ප‍්‍රශ්න ගැන මේ ව්‍යාපාර හැදෙන්නේ නෑනේ. මේ ව්‍යාපාර හැමවිටම මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන හිතන ඒවා නෙවෙයි.

 

x එක් වරක් ජාතිවාදීන් පිරිසක් නගරයක් ගිනි තැබුවා. ඇයි මේ වගේ ප‍්‍රශ්නවලට හාමුදුරුවරුන් මැදිහත් වෙන්නේ?

ශාසනය රකිනවා කියන්නේ මුරකාර වැඩක් වගේ එකක්නේ. මෙය භුක්ති විඳීම හෝ මිනිස්සු සුවපත් කිරීම යන කාරණයට වඩා මෙය රකිනව කියන පොඩි භූමිකාව පහසුයි. මේවාට උත්තර හොයන්න යනවා කියන්නේ අමාරු වැඩක්. ඊට වඩා අපි තමයි මෙය ආරක්ෂා කරන්නේ කියන එක ලෙහෙසියි. ඉස්සර එහෙම තත්ත්වයක් තිබුණා. පුස්කොළ පොත් ටික නම් තියෙන්නේ ඒ ටික රැකගැනීම ලොකු වැඩක්. දැන් එහෙම ප‍්‍රශ්නයක් නෑ. ත‍්‍රිපිටකය අන්තර්ජාලයේ තියෙනවා, සීඩීවල තියෙනවා. මේවා නැති කරන්න කාටවත් බෑ. දේපළ රකින්න පුළුවන් ශාසනය සම්බන්ධ දේ නැති වෙන්නේ නෑ.

 

x ඔබ වහන්සේගේ පිළිතුර ඇතුළෙ කියවුණා දේපළ රකිනවා ධර්මය රකින්නේ නෑ කියලා?

මට හිතෙන්නේ ශාසනය රකිනවා කියලා මේ කියන්නේ දේපළ රකින එකට තමයි. වෙන මොකක්ද ශාසනය රකිනවා කියලා කියන්නේ.

 

x පහුගිය කාලයේ සමහර භික්ෂූන් වහන්සේලා අලි ඇතුන් ජාවාරම් කළා. මේවා සත්ව හිංසන. ඇයි භික්ෂූන් වහන්සේලා මේවා කල්පනාවට ගන්නේ නැත්තේ?

පොදුවේ සියලූ දෙනාම නෙවෙයි. මේවා සිදු වුණේ ඉතාම ඉහළ ජීවිතවලට ගිය අය අතින්. මම හිතන්නේ මේ අය තමන් කවුද? තමන්ගේ භූමිකාව මොකද්ද කියන එකෙන් බොහෝ දුරට ඈත් වෙලා. ආකල්පවල ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ ආකල්ප සරල නෑ. මම හිතන විදිහට දරුවෝ අපිව කොපි කරමින් සිටිනවා. අපි හමුවෙන්න එන ලොකුම කෙනා එන්නේ ලොකුම වාහනයක. මම හිතන්නේ හාමුදුරුවෝ ඒ ලොකුම ව්‍යාපාරිකයා ආදර්ශයට ගන්න යනවා කියලා. ඒකේ ප‍්‍රතිඵල වෙන්නේ ලොකු වාහනයක් ගන්න එක, ලොකු ගොඩනැගිලි හදන එක ලොකුම බුදු පිළිමය හදන එක, ලොකුම වලාකුළු තාප්පය ගහනවා වගේ දේවල්. තව පැත්තකින් වෙන්නේ අපි ගිහියාට විකල්ප දෙනවා වෙනුවට ගිහියව පිටපත් කරන එක.

Galkande Dhammananda thero 3

x ඒ තත්ත්වය වෙනස් කරන්න ඔබ වහන්සේ මොනවාද කරන්නේ?

අපි මේ වැඩ පටන්ගෙන ගොඩක් කාලයක් නෑ. මට වැඩ කරන්න එක ගැටලූවක් තිබුණා. ඒ මං මේ හිතන විදිහ සමාජගත කිරීම ගැන. ධර්ම දේශනාවක දී පිරිකර පූජා කරන්න එපා. එහෙම දෙයක් නෑ කිව්වම එය මිනිසුන්ට දරා ගන්න බෑ. ඒ නිසා මම කියන්න යන එක බරපතළ වැඩියි. සමහර වෙලාවට මට හිතුණා ඒ මිනිස්සු බලාපොරොත්තු වන දේ නෙවෙයි මම කළේ කියලා. ඒ අය බලාපොරොත්තු වෙන්නේ පිරිකර ගොඩක් පූජා කරලා පින්කමක් කළා කියලා කියන්න. මම කතා කරන්නේ පිංකම ගැන නෙවෙයි අදහස ගැන. එහෙම අවස්ථා තිබුණා. ඒ වගේම වැඩ නොකළ අවස්ථා තිබුණා. පොදුවේ මේ වගේ දේවල් කතා කරන්න පුළුවන් මිනිස්සු හමු වෙනවා අඩුයි. විශේෂයෙන් අන්තර්ජාලය මට මේ සඳහා ගොඩක් උදව් වුණා. ඒ වගේ අදහස් කතා කරන්න කැමැති මිනිසුන් මා සමඟ එකතු වුණා. ඒ අනුව තමයි මට යමක් කරන්න පුළුවන් පරිසරයක් හැදුණේ. මේ වන විට අපි ළමා වැඩසටහනක්, මූලික නියාමක වැඩසටහනක් කළා. එය ඉතාම සාර්ථක වුණා. ඒ වැඩසටහනට ආ අය අතර විවිධ ආගම්වල අය හිටියා. මේ වැඩසටහන්වල අපි පන්සිල් ගැනීමක් සිදු කළේ නෑ. ඒ මොනවත්ම නැතිව අපි නිදහස් ලෙස මේ වැඩසටහන කළා. ඉන්පසුව බුදුදහමේ එන යම් යම් දේ දැනුම් ක‍්‍රියාකාරකම් ඔස්සේ සිදු කළා. ළමයින්ගේ ඇඳුම ගැන විශේෂයක් කළේ නෑ. පොත් පත් ගෙන එන්න කිව්වේ නෑ. ඒ ක‍්‍රියාකාරම්වලට අවශ්‍ය දේ අපි දුන්නා. පාඩම් කිරීම් කිසිවක් නෑ. ඒ ළමයින්ගේ වැඩසටනේ දෙවන කොටසට අපි දෙමවුපියන්ව සම්බන්ධ කරගත්තා. ළමයාට ගෙදර පරිසරය මේ සඳහා සකස් කරගන්නේ කොහොමද කියන එක ඒ අය සමඟ සාකච්ඡා කළා. ඒ වැඩසටහන ඉතාම සාර්ථකයි.

ඒ වගේම අපි හාමුදුරුවන්ට අධ්‍යාපන වැඩසටහනක් ආරම්භ කළා. එය විවිධ අධ්‍යාපන ආයතන සමඟ එක්ව ආරම්භ කළා. ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ තෝරා ගත් පිරිවෙනක හාමුදුරුවරු කිහිපදෙනක් සමඟ ඒ වැඩසටහන කරගෙන ගියා. ඒ වැඩසටහනත් සාර්ථක වුණා. මේ වැඩසටහන් දිගටම කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අපි වැඩසටහනක් කළා සංඝ සම්භාෂණ කියලා. ඒ වැඩසටහනට සම්බන්ධ වුණා. ඉස්ලාම්, හින්දු, කිතුනු, බෞද්ධ හැම ආගමකින්ම. ඒ වැඩසටහන ඉතාම සාර්ථකයි. එහි දී ඉතිහාසයේ පළමු වතාවට සමහර අය ජීවිතේ පළමු වතාවටයි ඉස්ලාම් කෙනෙක් එක්ක කතා කළේ. එවැනි මුහුවීම් සිදු වුණා. ඒ සඳහා සහභාගි වුණ ළමයි ඉතාම සතුටුයි.

ඊළඟට භික්ෂුණීන් වහන්සේලා සම්බන්ධ කරගෙන වැඩසටහනක් ක‍්‍රියාත්මක කළා. භික්ෂුණීන් වහන්සේලා ගැන කියන විට බෞද්ධ සමාජයක ගණන් නොගෙන අතහැරලා සිටින කණ්ඩායමක් ඉන්න බෑ. නමුත් මේ සමාජයේ භික්ෂුණීන් වහන්සේලාව පිළිගන්නේ ගන්නේ නෑ. භික්ෂුණීන් වහන්සේලා අධ්‍යාපනයෙන් හරි ඉහළට යනවානම් ඒ අයට ඉදිරිපත් කරන්න හැඳුනුම්පතක් නෑ. ඒ අයට තියෙන්නේ ගිහි හැඳුනුම්පත. පැවිදි ස්වරූපයෙන් ඉගෙනගෙන ගිහි හැඳුනුම්පත දෙන්න වෙනවා. අප කතා කරන්නේ ඉස්ලාම් හරි කිතුනු හරි ප‍්‍රශ්නනේ නමුත් මේ ප‍්‍රශ්නවලට විසඳුමක් දෙන්න වෙනවා. මේ අය ඉතාම වටින පිරිසක්. ඒ අයට ගෙදර කාන්තාව සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ අයගේ වටිනාකම හඳුනාගෙන නෑ. හිංසාව අඩු තැනක් බවට මේ තැන පත් කරන්න ඕන කරන මැදිහත්වීමයි අපි කරන්නේ.

 

x මේ රටේ දේශපාලනික ප‍්‍රශ්නයක් තියෙනවා. බුදු දහමට අනුව ඔබ වහන්සේට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්ද? දේශපාලන බලය බෙදීම වගේ කාරණා ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

ඔව්. භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට මගෙත් යම් දේවල් පිළිබඳ සීමාවන් තිබෙනවා. ඇත්තටම මම දේශපාලනය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි, කොයි ආකාරයෙන් ද මේ ආකෘතිය සැකසෙන්න ඕන කියන එක ගැන යමක් කියන්න. නමුත් සකස් විය යුතු ගැඹුරු දාර්ශනික පැතිකඩ ගැන මට යමක් කියන්න පුළුවන්. බුදු දහමේ දෙවියන් වහන්සේගේ මැවීම ගැන පිළිග න්නේ නෑ. විවිධ හේතු විවිධ ඵල, පුද්ගලයන් ශරීර වශයෙන් වෙනස්, හිතන විදිහෙන් වෙනස්. මේසා විශාල වෙනස්කම් සහිතනම් අපිට කිසියම් වෙනස්කමක් ඕන වෙනවා. පවුලක් හැටියට මෙය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ මේ වෙනසට හැකි තරම් ඉඩ ලැබෙනවා නම් පමණයි. ඒක තමයි මට කියන්න තියෙන්නෙ. ඒක කොහොමද ප‍්‍රායෝගිකත්වයට ගේන්නෙ කියන එක මට කියන්න බෑ. මිනිස්සු සතුටින් ජීවත් වෙන්නේ තම තමන් හැටියට ඉන්න නිදහස, අවකාශය තිබෙන විට. එහෙම නැතුව, ඒක සාර්ථක වෙන්නෙ නෑ, ඒක ගොනු කරලා එක විදිහකට තියන්න බෑ. ඒක තමයි මට කියන්න තියෙන බෞද්ධ අදහස. එක තැනකට බලය ගොනු වෙන ආකෘතියක් නෙවෙයි හැකි තරම් ඉඩ ලැබෙන ආකෘතියක් තමයි සාර්ථක වෙන්නෙ. ඒ දාර්ශනික තැන සිට හැදෙන ආකෘතියක් තියෙනව නම්, මම හිතන් නෑ කිසි කෙනෙක් මේකට අයිති නෑ කියලා හිතයි කියලා. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ දීපු එකෙන් කළේ ඒ වෙනසට ඉඩ දීපු එක. ඒ වෙනස පිළිගත්තම ඒ අය යන්නෙ නෑ.

 

x බුදු දහම ලියවිලා තියෙන්නේ පාලි භාෂාවෙන් නිසා සාමාන්‍ය ජනතාවට එහි කරුණු වටහා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා කරන විග‍්‍රහයන්ට අනුව තමයි බෞද්ධයන්ට තේරුම් ගන්න වෙලා තියෙන්නේ. එහෙම ගත්තොත් සිංහල රට, බෞද්ධ රට වගේ දේවල් කතා කෙරෙන්නේ බුදු දහමට අනුකූලවද?

බුදු දහම තුළ ඉන්න කිසිවකුට විශේෂයෙන් ජාතියක් ගැන කතා කරන්න බෑ. එහෙම නෑ. මිනිස්සු ඒ විදිහට වර්ග කරන්න බෑ කියන එක බොහොම පැහැදිලිව වාසෙට්ඨ සූත‍්‍රයේ තියෙනවා.

 

x ස්වාමීන් වහන්ස, අපිට බණවලින් යම් යම් දේ උගන්වනවා. නමුත් ඒ උගන්වන දෙයින් ඔබ වහන්සේ ඔය කියන දාර්ශනික පදනම යටපත් කරලා තියෙනවා?

ඒක හරි. ධර්ම දේශනාව තමන් සිටින සමාජය සමඟ ගැළපීම කළ යුතුයි. අපි හැමෝම ඒකට සාධු කියන්න ලෑස්තියි. ගිහි අයත් ඒකට සම්බන්ධයි. කවුරුවත් හාමුදුරුවන්ගෙන් ඒ ගැන ප‍්‍රශ්න කරන්නෙ නෑ. ශාසනය රකින ආකල්පය පමණයි තියෙන්නෙ. එහෙම ප‍්‍රශ්නයක් ඇහුවොත් බුදු දහමට විරුද්ධයි වගේ ප‍්‍රශ්න ඇති වෙනවා. ඔව් විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. ඒක බරපතළයි.

බුදු දහමේ අදහසයි ඇත්ත ලෙසම සිදු වන දේ අතරයි විශාල පරතරයක් තියෙනවා. ඒ පරස්පරය අපට තේරෙන්නෙ නෑ. ඒ වෙනස අපට ගැටලූවක් වෙලා නෑ. එහෙම වුණාම මේ ක‍්‍රමවේදයේ ගැටලූවක් ද කියන එක ආයෙ හිතන්න වෙනවා.

 

x බුදුන් දෙසූ ධර්මයෙහි හරය බෞද්ධ ජනතාවට වටහා දෙන්න වල්පොළ රාහුල හාමුදුරුවෝ විශාල වෙහෙසක් ගත්තා. නමුත් ඒවා බෞද්ධ ජනතාව ග‍්‍රහණය කර ගත්තෙත් නෑ?

ඔව්, රාහුල හාමුදුරුවෝ ඇතුළු වටිනා පිරිසක් හිටියා. ඒ වගේම ඒ අය යම් ව්‍යාපාරයක් කළා.

ඒ වගේම ඒ අය ඇසුරු කරන්නේ හොඳ බුද්ධිමතුන්. 1950 දී රාහුල හාමුදුරුවෝ ලංකාවෙන් යනවා. රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍ය හිමි නමක් විදියට මෙහෙම කියන එක කොයිතරම් දුරට සාධාරණ ද කියල මම දන්නේ නෑ. රාහුල හාමුදුරුවෝ ගියාට පසුව ඒ වගේ භාෂා දැනුමක් සහිත ඒ වගේ දැක්මක් තිබෙන නායකත්වයක් නැති වුණාද කියන සැකය මට තියෙනවා. යක්කඩුවේ හාමුදුරුවෝ හොඳ හාමුදුරු නමක්. නමුත් නවසිය හතළිස් ගණන්වල යක්කඩුවේ හාමුදුරුවන් වැඩ කරගෙන යනකොට ඒ ක‍්‍රමයට වෙනස්ව එනවා. හෙන්පිටගෙදර හාමුදුරුවෝ. ඉන්පසු හෙන්පිටගෙදර හාමුදුරුවන්ගේ බරපතළ මැදිහත්වීමක් සහිතව 56 ගමනේ දී විද්‍යාලංකාරෙත් ඒකට ඉන්නවා. මම කියන්නේ එය වුණේ කොහොමද? මුලින්ම සම්පූර්ණයෙන්ම වෙනස් අය 56 වෙනකොට එකට ඉන්නවා. මම හිතන්නේ පීලි පැන්න තැන ඔතන. එතනින් පසුව කවුරුවත් හිටියේ නෑ. ඒ වෙලාවේ ඒකට මැදිහත් වුණ අය බොහොම උගත් අය. හෙන්පිටගෙදර හාමුදුරුවෝ වෙනස් අදහසකින් ආවට ඉතාම උගත් අය.

අද වෙනකොට මට පේන විදිහට ආපස්සට යන්න වෙන්නෙ අර පීලි පැනපු තැනට. ඒ වගේම භික්ෂුව ගැන තිබුණේ වෙනමම ආකල්පයක්. දේශපාලන භික්ෂුව ගැන තිබුණ රැස්වීමක දී එක යෝජනාවක් සම්මත වෙනවා. ඒ යෝජනාවෙන් කියන්නේ දේශපාලනයේ නොයෙදන භික්ෂුවකට පෝසතුන්ගේ දානයෙන් යැපෙනවා මිස දුප්පතුන්ගේ දානයෙන් යැපීමට සුදුසු නෑ කියන එක. ඒක බැලූවාම පේනවා එක්තරා විදිහක දේශපාලනය කරන භික්ෂුව දුප්පත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින, දුප්පතුන් වෙනුවෙන් කතා කරනවා වැනි අදහසක්. 50 ගණන්වලින් පසුව එය ජාතියකට මාරු වෙනවා. ඒක තමයි අද දකින්න ලැබෙන්නේ.

 

x අපට අවසාන වශයෙන් කියන්න මේ තිබෙන සමාජ, දේශපාලනික වටපිටාවේ භික්ෂූන් වහන්සේගේ ඇත්ත කාර්ය භාර්ය මොකක්ද?

අපි ඇවිල්ල ඉන්නේ සරලව හිතලා අතහරින්න පුළුවන් තැනකට නෙවෙයි. උදාහරණයක් විදිහට බුදු පිළිමයක පච්චයක් ශරීරයේ කොටාගත් විදේශ කාන්තාවක් සංචාරයකට ආවාම ඇයව බන්ධනාගාරගත කරලා ආපසු ගුවන්තොටුපළින්ම හරවලා යවනවා. මං හිතන්නේ අවිහිංසාවාදී ආගමක් තියෙන රටක මේක කොයිතරම් දරුණු හිංසාවාදී ක‍්‍රියාවක්ද? එතකොට ඒක සිද්ධ වෙන්නේ සාමාන්‍ය පොඩි මිහිහාගේ අතින් නෙවෙයි. ඒකට සම්බන්ධ වෙන්නේ ගුවන්තොටුපළට සම්බන්ධ අය, අධිකරණයට සම්බන්ධ අය. මං කියන්නේ සාමාන්‍ය මිනිස්සු මේ විදිහට කටයුතු කරන එක ගැන අපි කලබල විය යුතු නෑ. ඒ මිනිස්සු සංස්කෘතික වශයෙන් උසස් නෑ, අධ්‍යාපනික වශයෙන් උසස් නෑ. ඒ වගේම මෑත කාලයේ තව සිදුවීමක් වුණා. කාන්තාවක් ගීතයක් වෙනස් ආරකට ගැයුවා කියලා ඇයට නින්දා අපහාස කෙරුණු ආකාරය අපි දැක්කා. එහි දී සාමාන්‍ය මිනිසුන් හැසිරුණු ආකාරය අතහැරලා මං දැක්ක එක මාධ්‍ය ආයතනයක ගඩොල් භාගයකින් ගැහුවානම් හරි වගේ කතාවක්. ඇය ගීතය වෙන ආරකට ගැයුවා මිසක් කිසිම වෙනසක් කළේ නෑ. ඒ වගේම ඒ ගීතයේ බුද්ධාගම නෑ. මම කියන්නේ සංස්කෘතියක උසස් බව පෙන්වන්නේ මේ සමාජයේ කාන්තාවකට ගඩොල් භාගයකින් ගැසීම කියන කාරණාවෙන් නම්.

ඒ නිසා මේ මොහොතේ අපි මැදිහත් වෙන්නේ නැත්නම් අපි එක්තරා ආකාරයකට බෞද්ධ තලෙයිබානුවන්.

ඒක හරි කියලා පොඩි මිනිසුන් කිව්වට ඒක එච්චර දැනෙන්නේ නෑ. නමුත් ලොකු තැන්වල ඉන්න අයට පොඩ්ඩක් හිනා වෙලා යන්න පුළුවන් නම්, ඉරානය වගේ රටවල ඉස්ලාම් ආගමට එරෙහිව යම් දෙයක් කියපු ගමන් මරණීය දණ්ඩනය නියම වෙනවා. මම කියන්නේ ඒකම නෙවෙයිද මේ තියෙන්නේ? ගීතයක් වෙනස් විදිහට කිව්වම ගඩොල් භාගයකින් ගැසිය යුතුයි කියන්නේ ඒකෙම අඩු තීව‍්‍රතාවයෙන් යුක්ත ප‍්‍රකාශයක්.

කිසියම් කෙනෙක් ඊට වඩා බරපතළ කාරණයක් කිව්වොත් මරා දැමීම කියන එකට යන්න අමාරු නෑ. අවසන් වශයෙන් කියනවානම් අපේ කාලයේ අපි දැක්ක නිදහස ලබලා අවුරුදු 68ක් යනකොට…….71, 87, 89, 2009 මැරුණු තරුණ ජීවිත. මේ හැම එකක්ම ප‍්‍රකාශ කරනවා අපේ අසාර්ථකත්වය. එතකොට ඒ අසාර්ථකත්වයෙන් ඉගෙන ගත් පාඩම මොකද්ද? ඒකෙන් ඉගෙනගෙන අපි වෙනස් වෙනවා වෙනුවට තව තවත් විනාශකාරීත්වයකට යනවා. ඒක නිසා මේ වෙලාවේ මම හිතනවා මොකද්ද කරන්නේ කියලා නැවතිලා කල්පනා කරන්න. එහෙම තැනකට අපි ඇවිල්ල තියෙන්නේ කියන එකට සන්තෝෂයි. මේ වෙලාවේ අපි මොකුත් නොකළොතින් අර තලේබානුවන් වගේ තමයි ඉන්න වෙන්නේ. ශාරුක් ඛාන් ආපු එකට බෝම්බ ගහනවා, එක හාමුදුරු නමක් දළදා මාලිගාව ඉස්සරහා ගිනි තියා ගන්නවා. එයින් පේනවා අපි යන්නේ කොහාටද කියලා. අපි යුද්ධය, විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයක් බලපු ජන කොටසක්. විශේෂයෙන් තරුණ අය ඒ පිරිස ඉන්නේ අවසාන ඕවර හයේ දී වගේ ජවයකින්. ගහන්න ඕන හතුරෙක් නෑ. ඒ වගේම සුවපත් වීම සඳහා අපි සියලූ දෙනාම රෝගීන්. අපි මරණයන් දැක්ක, බෝම්බ පුපුරනවා දැක්ක. මේවා අපි හැමෝගෙම ඇතුළට කරපු බරපතළ හානි. යුද්ධය අවසන් වුණාට පසුව මෙහෙම හානි අපට වෙලා තියෙනවා කියලා අපි පිළිගත්තේ නෑ. ඒ සඳහා වන සාකච්ඡා සිදු වුණේ නෑ. මේ සියලූ සිදුවීම් පිටුපස තිබෙන්නේ මේ ව්‍යාජය කියලා මම හිතනවා. මේ හැමෝම රෝගීන් අභ්‍යන්තර තුවාල සඳහා සුවපත් වීමකට අපි යා යුතුයි.

පන්සලට ගිය අපි කිසිවකු හාමුදුරුවන් ඉදිරියේ වැඳ නොවැටුණ ද මේ කතා බහ අවසානයේ අප ධම්මානන්ද හමුදුරුවන්ට වැඳ නමස්කාර කර පිටත්වන්නට සූදානම් වුණෙමු. එහෙත්… ‘වැඳීම අවශ්‍ය නෑ.. මේ සංවාදය වැදගත් යළිත් එන්න’ යැයි උන්වහන්සේගෙන් ආරාධනාව ලදිමු. මෙය ජාති ආගමික භේදයකින් තොරව සමස්ත ජනතාවට කෙරුණ ආරාධනාවක් ලෙස අපේ පාඨකයෝ තේරුම් ගනීවී යැයි අපි කල්පනා කරමු.

දයා නෙත්තසිංහ/ සුභාෂ් ජයවර්ධන
ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

උපුටාගැනීම සත්හඬෙන්

Galkande Dhammananda thero 4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *