අපරාධඋපුටාගැනීම්වීඩියෝකවි

ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි.

 

රාජපක්ෂ ජුන්ටාවේ ජනඝාතක ඝෝටාගේ අණින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මරාදමා අදට සිව්වසරකි. තාමත් ඔවුන්ට සාධාරණය සිදුවී නොමැත.

මේ එවකට වැළිකඩ බන්ධනාගාරය තුළ රැදවියෙක් ව සිටි සුදේශ් නන්දිමාල් තමා ඇසින් දුටු එම ඝාතනයන් පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවියේ සම්පත් සමරකෝන් සමග සාකච්ඡාවකට එක්වෙමින් පසුගිය වසරේ දැක්වූ අදහස් සහිත වීඩියෝවකි.

 

වීඩියෝව

‘‘අපිට දැන ගන්න ලැබුනා, සෝදිසි මෙහෙයුමකට ආරක්ෂක අංශ බන්ධනාගාරය තුළට එනවා කියලා. ඒ මොහොතේ අපිට දැනගන්න ලැබුන විදිහට එල් හෝල් එක කියලා, එල් වාට්ටුව කියලා සැකකරුවො රදවලා තියන ස්ථානයක් තියනවා. සිර මැදිරියක් තියනවා. ඒ සිර මැදිරියට ඒ මොහොතේ ඒ සිර මැදිරියට ආරක්ෂක අංශ යනවා කියන එක දැනගන්න ලැබුනා. අපිට දැන ගන්න ලැබුනා දැඩි විරෝධයක් මත තමයි ඒ ගොල්ලො යන්නේ මොකද, බන්ධනාගාර නිළධාරීන් කියලා තියනවා එන්න එපා ඇතුළට, ආයුධ අරගෙන විශේෂයෙන් බන්ධනාගාරය තුළට එන්න තහණම්, ඒක නිසා එයට එන්න එපා කියලා කියද්දි, ‘නෑ අපි එනවා මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්‘ ‘අපිට කරන්න දෙයක් නෑ‘ කියලා 1000කට වැඩි ප්‍රමාණයක් එනවා….. ‘‘

වීඩියෝ
උපුටාගැනීම විකල්පයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *