සාමාන්‍යඋපුටාගැනීම්

සෙංකොට්ටං රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ හොඳම සිංහල නවකතාව ලෙස මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ “සෙංකොට්ටං “ නවකතාව සම්මාන හිමිකරගෙන තිබේ.

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ (30) පස්වරුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.

එහිදි හොඳම සිංහල කෙටිකතා සංග්‍රහය ලෙස පියසීලි විජේමාන්න ලියූ “මිත්තනියෝ“ කෙටිකතා සංග්‍රහයත් හොඳම සිංහල කාව්‍ය සංග්‍රහය ලෙස සුහර්ෂණි ධර්මරත්නගේ “ ගිරිහිස තරණය“ සය සුනන්ද කරුණාරත්නගේ “කන්‍යා දියවරට එළඹ“යන කාව්‍ය සංග්‍රහයන් සම්මාන හිමිකරගෙන ඇත.

හොඳම සිංහල ගීත සාහිත්‍ය කෘතිය ලෙස රත්න ශ්‍රී විජේසිංහගේ “නිකිණි වැස්ස “ සම්මාන හිමිකරගෙන ඇති අතර හොඳම සිංහල යොවුන් නවකතාව ලෙස දිනේෂ් ගුණතිලක සමරවික්‍රමගේ “අලි පැලැස්ස“ කෘතියට සම්මාන හිමි විය.

හොඳම සිංහල ළමා සාහිත්‍ය කෘතිය ලෙස මෙවර සම්මාන හිමිකර ගත්තේ සිබිල් වෙත්තසිංහයන් ලියූ “කිරිහාමි“ කෘතියයි.

මෙවර රාජ්‍ය සම්මාන ප්‍රධානෝත්සවයේ දී සාහිත්‍යරත්න යාවජීව සම්මාන තුනක් ද පිරිනමනු ලැබුණි.

සිංහල මාධ්‍යයෙන් වීනි විතාරණට ද දමිළ මාධ්‍යයෙන් කන්දයියා නඩේසුට ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්ට ද මෙම සම්මානයන් හිමිවුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *