සාමාන්‍යඅපරාධ

ශිෂ්‍ය දඩයම දිගටම

පසුගිය වසරේදී සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගත් මොහොතේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු වශයෙන් ක්‍රියා කළ, මේ වනවිටත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන රජරට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන චින්තක රාජපක්ෂගේ කුරුණෑගල නිවෙසට පැමිණි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ යැයි කියා ගන්නා ලද පිරිසක් මරණ තර්ජන එල්ලකර තිබේ.

පසුගිය 21 වැනිදා පැවති ඔහුගේ සොහොයුරාගේ මංගල උත්සවයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් පැමිණීම ගැනත් චින්තක රාජපක්ෂ දැනට සිදුකරන දේවල් හා ඔහුගේ තොරතුරුත් එම නිවෙසට පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් බව කියාගත් පිරිස විමසා තිබේ.

ඔහු රජයට එරෙහි දේශපාලන කටයුතුවල නියැළෙන බවත් වහාම එය වලක්වන ලෙසත් මවුපියන්ට දන්වා ඇති අතර එය සිය අවසාන නිවේදනය බවත් එම නිලධාරීන් පවසා ඇත. ඔවුන්ගේ ජංගම දුරකතනයකින් මව, පියා හා සොහොයුරාගේ ඡායාරූප ලබාගෙන ඇති බවත් පැවසේ.

පසුයිග වසරේදී කැලණිය සහ රුහුණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඉතා රහසිගත ලෙස සැලසුම් සහගත රිය අනතුරක් මගින් ඝාතනය කල අතර දැනට මාස කීපයකට පෙරදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් සභාපති පැහැරගෙන ගොස් තර්ජනය කර පසුව මුදා හැර තිබුණි. මේ සියල්ල පිටුපස ආරක්ෂක අංශ සිටින බවට ඉතා පැහැදිලි කරුණු පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *