සාමාන්‍යවිදෙස්

ශ්‍රි ලංකා සංචාරය ගැන තවමත් තීරණය කර නැහැ – කැනඩා විදෙස් ඇමති

ශ්‍රී ලංකාවට සංචාරය කිරීම ගැන මෙතෙක් තීරණය කර නොමැති බව කැනේඩියානු විදෙස් කටයුතු අමාත්‍ය ජෝන් බෙයාර්ට මහතා පවසයි. ලබන නොවැම්බර් මස පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුවට සහභාගිවන බවට හෙලිවූ තොරතුරු අසත්‍ය බවද හෙතෙම පෙන්වාදී තිබේ.

ජෝන් බෙයාර් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම තහවුරු කර ඇතයි විදෙස් කටයුතු අමාත්‍යංශය ප්‍රකාශකර තිබුණත් එලෙස තමන් ශ්‍රී ලංකාට සංචාරය කිරීම ගැන මෙතෙක් කිසිවක් තහවුරු කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

යුධ අපරාධයන්, මානව හිමිකම් උල්ලංඝන හා අපරාධ ක්‍රියාවලට දඬුවම් නොදීම ගැන කනඩාව දිගින් දිගටම අවධානය යොමුකරමින් සිටින බවද හෙතෙම පවසා තිබේ. මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට පෙර මානව හිමිකම් කටයුතුවල ප්‍රවර්ධනයක් නොමැතිනම් එම සමුළුවට සහභාගි නොවන බවට කැනේඩියානු අග්‍රමාත්‍ය ස්ටීවන් හාර්බර් මහතා ප්‍රකාශකර තිබීමද විශේෂත්වයකි. පොදුරාජ්‍ය සමුළුවට කැනඩාවෙහි සහභාගිත්වය ගැන තීරණය කරන්නේ අග්‍රමාත්‍යවරයා බවද පෙයාර් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *