සාමාන්‍යඅපරාධවිදෙස්

බ්‍රිතාන්‍ය ස්වෙච්ඡා සේවකයාගේ මරණය ගැන මහින්දගෙන් අහන්න සූදානම් – සිමෝන් ටාන්සූක්

බ්‍රිතාන්‍ය ස්වෙච්ඡා සේවක කුර්හාම් සාක්කීගේ ඝාතනය සම්බන්‍ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් විමසීමට බලාපොරොත්තු වනබව බ්‍රතාන්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී සිමෝන් ටාන්සූක් මහතා පවසා තිබේ.

2011 වසර නත්තල් දිනයේ රාත්‍රියේදී කුර්හාම් සාක්කී හා ඔහුගේ රුසියානු පෙම්වතිය වන වික්ටෝරියාද ඉතා කෘාර ලෙස පහරදීමට හා ඉන් පසුව මහින්ද රාජපක්ෂගේ හිතෛෂී ප්‍රාදේශීය සභා සභාපතිවරයකු විසින් ඇයව දූෂනය කොට තිබේ. ඉන්පසුව පහරදීමෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයෙහි සේවකයකු වන කුර්හාම් සාක්කී මරණයට පත්විය.

මෙම සිද්ධිය සම්බන්‍ධයෙන් විභාග පරික්‍ෂණ නිසිලෙස පවත්වා නැතැයි බ්‍රතාන්‍යාව විසින් මීට පෙරාතුවම චෝදනාකර තිබීම විශේෂත්වයකි. මෙම සතියේදී සිමෝන් ටාන්සූක් මහතා ශ්‍රී ලංකාවෙහි සංචාරය කිරීමට නියමිතය.

මෙම අපරාධය ගැන එහි නවතම පරික්‍ෂණ වාර්තා සම්බන්‍ධයෙන් ජනාධිපතිගෙන් ප්‍රශ්ණ කරන බවද හෙතෙම පවසා තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලයෙහි ඇතුලත් රටක් මෙලෙස කටයුතු කිරීමට සුදුසු කරුණක්දැයි ප්‍රශ්ණ කිරීමට තමන් සූදානමින් පසුවන බවද ඔහු වැඩුදුරටත් පවසයි.

මෙම සිද්ධිය සම්බන්‍ධයෙන්වූ පරික්‍ෂණයන් වසන්කිරීමට ඇතමුන් තැත්කරන බවද හෙතෙම චෝදනාකර තිබේ. ආණ්ඩු පක්‍ෂයෙහි මන්ත්‍රීවරයකු සිද්ධියට සම්බන්‍ධ බැවින් මෙලෙස යටපත් කිරීමට උත්සහදරන බවට සැකමතුවී ඇතයි පෙන්වාදී තිබේ.

මූලාශ්‍රය: TN

සටහන: වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *