සාමාන්‍යවිශේෂාංග

“ITN කියන්නේ බොරු” – ඉගිල්ලෙන මාලුවෝ කරුණු පහදති

පසුගිය දා ප්‍රංශ සිනමා උළලේදී තිරගත් වූ තරුණ සිනමා අධ්‍යක්ෂක සංජීය පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාලුවෝ චිත්‍රපටය වාරණය කිරීම සහ සම්පූර්ණ සිනමා උළෙලම ආරක්ෂක අමාතංශයේ නියෝග මත නවතා දැමීම සහ ඊට පසු සම්බන්ධයෙන් මේ වනවිට සිය නිර්මාණය සම්බන්ධයෙන් රාජ්‍ය මධ්‍ය ඔස්සේ සිදුකරන ​​වෛරී සහගත ප්‍රකාශ සම්බන්ධව සිය ස්ථාබවරය පැහැදිළි කරමින් ඉගිල්ලෙන මාලුවේ අධ්‍යක්ෂකවරයා මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් පවසා සිටින්නේ තමන් සම්බන්ධව රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන පුවත් සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බවයි.

“ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ඔස්සේ මා පිළිබඳවත් මගේ නිර්මාණය පිළිබඳ වත් ප්‍රචාරය කෙරුණු දෑ සියල්ල නිවැරදි කළ යුතු ව පවතී. එසේම පසුව විවිධ මාධ්‍ය හා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කෙරෙමින් පවතින තොරතුරු අභිමුව මාගේ ආස්ථානය පැහැදිලි කළ යුතුව පවතී.”

සංජීව පුෂ්පකුමාර විසින් මාධ්‍ය වෙත නිකුත්කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය;

මාධ්‍ය නිවේදනයය

මා අධ්‍යක්ෂණය කළ ඉගිල්ලෙන මාළුවෝ හෙවත් Flying Fish චිත‍්‍රපටිය සම්බන්ධයෙන් පසුගිය 12 වැනි සිකුරාදා සිට උද්ගත ව තිබෙන අසමතුලිත ප්‍රචාරණය හමුවේ මගේ පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍ය ව තිබෙන බව හැඟිමි. එදින රාත්‍රී 9.30 පටන් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ඔස්සේ මා පිළිබඳවත් මගේ නිර්මාණය පිළිබඳ වත් ප්‍රචාරය කෙරුණු දෑ සියල්ල නිවැරදි කළ යුතු ව පවතී. එසේම පසුව විවිධ මාධ්‍ය හා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කෙරෙමින් පවතින තොරතුරු අභිමුව මාගේ ආස්ථානය පැහැදිලි කළ යුතුව පවතී.

(1) මෙම චිත්‍රපටය නිර්මාණයේ දී ශ්‍රී ලංකාව හෝ ත්‍රිවිධ හමුදා ඇතුළු ශ්‍රී ලංකාවට අයත් කිසිදු ආයතනයක් අපකීර්තියට හෝ අපසහුතාවට පත් කිරීම කිසිසේත් මගේ අරමුණක් වූයේ නැත. මෙහිලා මා උත්සුක වූයේ චිත්‍රපටියට වස්තු විෂය වන සියලූ පාර්ශ්වයන් පිළිබඳ සෑබෑ තත්වය මානුෂික වූත් කලාත්මක වූත් නිරූපණයක් ලෙස ඉදිරිපත් කිරීම පමණි. මේ නිර්මාණ ක්‍රියාවලිය පුරාම මා අනුප්‍රාණය ලැබුවේ මගේම ජීවන අත්දැකීම් සහ ඒවාට සහභාගී වූ මගේ පවුල, මගෙ ් මිතුරන් හා මගේලෝකයට ආගිය විවිධ වූ මිනිසුන් වෙතිනි.

අවිගත් ත්‍රස්තවාදීන්, ඝාතන, සන්නද්ධ ගැටුම්, වෙඩි තැබීම් යනාදිය අවසානයකට පැමිණීමේ ප්‍රතිලාභ මා ඉහළින් ම භුක්ති විඳින බව ස්තුතිපූර්වක ව සඳහන් කරමි. මේ කෘතියට සම්පූර්ණයෙන්ම පාදක වූයේ කුඩා කල සිට ම යුද්ධයට ඍජු ව ම මැදි ව හැදී වැඩුණකු ලෙස මා ලද අත්දැකීම් සමුදාය යි. මා ජීවත් වූයේ දිවා කල රජයේ හමුදා විසින් ද රාත්‍රියෙහි එල්ටීටීඊය විසින් ද පාලනය කරනු ලැබූ ගමක ය. යුද්ධයට සහභාගී වූ දෙපාර්ශ්වයේම දායකත්වයෙන් දියත් වූ ගැටුම් නිසා හමුදාවකට සම්බන්ධ නැති ව තිබූ ජනකායකගේ ජීවිත ක්‍රමක්‍රමයෙන් උඩුයටිකුරු වෙමින් මිලිටරීකරණය වනු මම අත දුටුවෙමි. එම මිලිටරීකරණය ඔස්සේ වඩා ආරක්ෂිත වනු වෙනුවට එන්න එන්න ම ජන ජීවිතය අනාරක්ෂිතභාවයට ඇද වැටෙනු ද එකල කුඩා දරුවකු ව සිටි මම ලෙස මම බලා සිටියෙමි. මා මගේ අත්දැකීම් ඇසුරින් නිර්මාණය කර තිබෙන රූපරාමු රජය ගොඩනැඟූ ප්‍රතිරූප සමග

නොගැළපෙන බව සැබෑවකි. මෙහි දී මා පෙන්නුම් කර ඇත්තේ මගේ ම ජීවන අත්දැකම් පිළිබඳ යථාර්ථය යි.

එය එසේ කලේ අවිගත් යුද්ධය නිමා වූ පසු සාමාන්‍ය ජන ජීවිතය ගොඩනැඟිය යුතු ව ඇතතේ මේ යථාර්ථයේ සිට බැවිණි. ජන ජීවිතය නැවත ගොඩ නැඟීම කිසි දු මතවාදයක් මත පදනම් ව සිදු කළ හැක්කක් නො වේ. එය කළ හැක්කේ යථාර්ථයේ සැබෑ මුහුණුවර හඳුනාගැනීම මගින් පමණක් නො වේ ද? මගේ වෑයම වූයේ එම

යථාර්ථය සමාජ කතිකාවක් බවට පරිවර්තනය කිරීම යි.

(2) මේ චිත‍්‍රපටිය නිර්මාණයට පෙර, නිර්මාණය අතවාරයේ දී හෝ පසුව එල්ටීටීඊ ඩයස්පෝරාව සමග හෝ ඊට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන සමග හෝ වෙනත් කිසිදු සංවිධානයක් සමග මට කිසිදු සම්බන්ධයක් නොමැත. තව ද එවැනි කිසිදු පාර්ශ්වයකින් නිර්මාණකරණය හෝ අන් කිසිවක් සඳහා මා මුදල් ප්‍රතිපාදන ලබාගෙන ද නැත. එවන් කිසිවකු සමග මට මතවාදී සම්බන්ධයක් ද නැත. එබැවින් මේ පිළිබඳ ස්වාධීන රූපවාහිනියෙන් ඉදිරිපත් කරමින් තිබෙන ප්‍රකාශ හුදෙක් ගොතනු ලැබූ දෑ පමණක් බව ප්‍රකාශ කරමි.

(3) මේ චිත‍්‍රපටිය නිෂ්පාදනය සඳහා මුදල් ආයෝජනය කළේ Asia Digital Entertainment(Pvt.)Ltd සමාගම

වෙනුවෙන් මනෝහර නානායක්කාර මහතා යි. චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ රුපියල් ලක්ෂ විසිපහක මුදලිනි. අනතුරුව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේ හුබර්ට් බාල්ස් අරමුදල (Hubert Bals Fund)විසින් තුන්වැනි ලෝකයේ සිනමාකරුවන් සඳහා පිරිනැමෙන පසුනිෂ්පාදනය සඳහා වන ප්‍රදානයක් ලෙස යුරෝ විසිදහසක මුදලක් හිමි වූයේය. එම මුදලින් චිත‍්‍රපටිය සම්පූර්ණයෙන් ම නිමකරගත හැකි විය. මේ සියල්ල තිබිය දීත්, අද වනතුරුත් චිත්‍රපටයට දායක වූ ඇතැම් පාර්ශවයන්ට මුදල් ගෙවීම් කළ යුතුව පවතී. රොටර්ඩෑම් ජාත්‍යන්තර සිනමා උළෙලේ මූල්‍ය ප්‍රදානයේ කොන්දේසිය වූයේ ලක්සම්බර්ග ්, බෙල්ජියම, නෙදර්ලන්තය යන රටවල චිත්‍රපටියේ අයිතිය සහ එය ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායම හුබර්ට් බාල්ස් අරමුදල සතු විය යුතු බව යි.

මෙකී ප්‍රදානය ලබාගත් පළමු සහ එක ම ලාංකික සිනමාකරුවා මා නො වේ. එය මීට පෙර නිෂ්පාදිත

චිත්‍රපටිවලට ද ලැබී තිබේ. එබැවින් මේ චිත‍්‍රපටියට ප්‍රංශ මුදල්, එන්ජී ඕ මුදල්, ඩයස්පෝරාවේ මුදල් ලැබුණු බව කීම අසත්‍යයකි.

3) චිත‍්‍රපටය තුළ මම ආඛ්‍යාන තුනක් සංකලනය කොට ඇත්තෙමි. ඒවා යුද්ධයට දැනුවත් ව හා නොදැනුවත් ව සහභාගී වූ පාර්ශවවලට අයත් කතා බැව් චිත‍්‍රපටය නරඹන කෙනෙකුට පැහැදිලි ව පෙනී යනු ඇත. එසේ සිදු කෙරුණේ මා ජීවත් ප්‍රදේශය තුළ මා අත්විඳි ස්වරූප තුනක ජීවන අත්දැකීම් කලා කෘතිය තුළට ගෙන ඒමේ අරමුණින් මිස චිත්‍රපටය කිසියම් පාර්ශ්වයකට පක්ෂ හෝ විපක්ෂ වූ නිසා නො වේ. එල්ටීටීඊය දෙමළ සමාජය

මත ඇති කළ ඛේදජනක බලපෑම්වලින් සමහරක්, එනම් කප්පම් ගැනීම, දරුවන් බලහත්කාරයෙන් රැගෙන ගොස් සන්නද්ධ කණ්ඩායම්වලට බඳවාගැනීම සහ ඝාතන යනාදිය ද මගේ චිත්‍රපටයෙහි දැක්වේ. එම සන්නද්ධ ව්‍යාපාරයේ වූ කුරිරු ස්වභාවය මෙහි නිරූපණය වෙයි. සරල ව කියතොත් මගේ අත්දැකීම් ඔස්සේ මෙහි දී ප්‍රතිනිර්මාණය වූයේ සන්නද්ධ අරගලයක් තුළ සිදු වන සියලූ දුර්දාන්ත දෑ සහ මනුෂ්‍යත්වයට සිදු වූ හානියේ ස්වභාවය යි. එහෙයින් ම මෙහි දී වැදගත් වූයේ ඊට සහභාගී වූ කිසියම් එක් පාර්ශ්වයක් නො ව මනුෂ්‍යත්වය සහ

මනුෂ්‍ය ජීවිතවලට සිදු වූ හානිය යි. එවැනි නිරූපණයක් සිදු කරනුයේ ඒ ව්‍යසනයන් නරඹා සතුටු වීමට නො ව එම ව්‍යසනයෙන් ගොඩ ඒමට අවශ්‍ය දැනුවත්භාවය වගා කරගැනීමේ අටියෙනි. ඉගිල්ලෙන මාළුවන් යනු මනෝරාජිකයක් නො වේ; යුද්ධයකින් පසු සුන්බුන් ව ඉතිරි වූ මනුෂ්‍යත්වයෙ ් සහ ජීවිතයේ සැබෑ ප්‍රකාශනයකි.

සංජීව පුෂ්පකුමාර

අධ්‍යක්ෂ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *