සාමාන්‍යඋපුටාගැනීම්

ඝෝටාගේ අණින් ප්‍රංශ සිනමා උළෙල තහනම්

සිකුරාදා (11) දිනයේදී බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිනමාශාලාවේදී “2013 ප්‍රංශ චිත්‍රපට උළෙල” ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවකු වන සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාලුවෝ (flying fish) චිත්‍රපටය තිරගත වූ පසු ආරක්ෂක අමාතංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත චිත්‍රපට උළෙල නවතා දමා තිබේ.

එසේ නැවැත්විමට හේතුව වී ඇත්තේ පළමු දිනයේදීම එම චිත්‍රපට උළෙල නැරඹීමට පැමිණ ඇති අධිකරණයේ නඩු 4 කට වරෙන්තුලබා සිටින සුදර්මන් රදලියගොඩ  ​නොහොත් යකඩ සුදර්මන් සහ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු වන ආචාර්ය සුනිමල් ප්‍රනාන්දු යන අය එය නැරඹීමෙන් ආරක්ෂක අමාතංශයට වාර්තා කර ඇත්තේ එය හමුදාව සහ රට අපකීර්තියට පත්කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද්දක් බවයි. ඒ වෙනුවෙන් මැදිහත් වී වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුන් විසින් ඉල්ලීමක් කර ඇති බව ආරක්ෂක අමාතංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටී.

එදින රාත්‍රියේදී ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති තුලින් ඉගිල්ළෙන මාළු නොහොත් flying fish සිනමා පටය විවේචනය කරනු ලැබුවේ ආරක්ෂක අමාතංශ ලේකම් සහ යකඩ සුදර්මන්ගේ නියෝගමත බවත් එහි අරමුණ වූ​යේ චිත්‍රපට උළෙල නැවත්වීමට පසුබිම සකසා ගැනීම බවත් එම ආරංචිමාර්ග තවදුරටත් සදහන් කර සිටී.

සංජීවට හුලුගල්ගෙන් තර්ජන

මේ පිළිබඳව මිරර්අට් වෙබ් අඩිවිය බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්‍ෂක බන්දුල ඒකනායකගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් මෙම උළෙල නවතා දමන්නට තීරණය කර ඇති බවයි.

සංජීව පුෂ්පකුමාර මේ වන විට කොරියාවේ සිනමා පාඨමාලාවක් හදාරමින් සිටින අතර ඔහු විසින් තම චිත්‍රපටය සම්බන්ධව උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී ලක්ෂමන් හුලුගල්ලගෙන් විමසා ඇති අවස්ථාවේදී ඔහු තර්ජනාත්මකව පවසා ඇත්තේ “අපි ජීවිත දීලා බේර ගත්තු රට තමුසෙලා සිංහලයො විදිහට පිටරටවලට ගිහින් පාවල දෙනව. තමුසෙල මේ ෆිල්ම් හදන්නෙ ඩයස්පෝරා සල්ලි අරන් හදන චිත්‍රපටවලට.” යනුවෙනි. ඒ වගේම ඔහු පවසා ඇත්තේ නැවත ලංකාවට සංජීව පුෂ්පකුමාරට එන්න ඉඩ නොදෙන බවයි.

නමුත් උළලේ සංවිධායකයන් පවසා සිටින්නේ තිරගත කිරීම සදහා තෝරාගත් සියලු සිනමාපට සදහා අවසරය ලැබී තිබූ බවයි.

විපරිතයන්ට යටත් වෙනවද?

මේ පිළිබද අප සමග අදහස් දැක්වූ තවත් තරුණ සිනමාකරුවෙකු පවසා සිටියේදී තවත් හොද හොද සෙල්ලම් ජාතික ආරක්ෂාවට මුවාවී ඉදිරියේදී දැකගත හැකි වුනු ඇති බවයි. ජනතාව කරන්න අවශ්‍ය කුමක්ද? නිදියන්නේ කොහොමද? කන්නේ කොහොමද? ලිංගිකව හැසිරෙන්නේ ​කොහොමද? කා සමගද ආදී මේ සියල්ල ඉදිරියෙදී ආරක්ෂක අමාංශයේ ලේකම්වරයා තීරණය කරයි.මෙය සිනමා කෘතියක් පිළිබද ප්‍රශ්ණයක් නොවෙයි. මේ රටේ නිදහස ගැන ප්‍රශ්ණයක්.දැන් අපට මාර්ග දෙකයි තිබෙන්නේ.එක්කේ අපේ නිදහස අපි බලෙන් හරි ගන්න ඕනේ. නැත්නම් විපරිතයන්ට යටත්වෙන්න ඕනේ.ඒ තීරණය ඉක්මනට ගන්නම වෙනවා.”

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *