පුවතකට වැඩි යමක්අපරාධ

අළුගෝසු ඊනියා බුද්ධි අංශ තවත් සරසවි සිසුවකු පැහැර ගනී

යාපනය සරසවියෙහි ශිෂ්‍යකු හා හිටපු LTTE සාමාජිකයකුද වන 26 හැවිරිදි දේවරාසා ප්‍රදීපන් නැමැති තරුණයාව   නිවසේ සිටියදී යතුරු පැදිවලින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ප්‍රශ්න කිරීමට අවැසිබව කියමින් රැගෙන ගොස් තිබේ. ඉන් අනතුරුව දින තුනකට පසු අද දින එම පිරිස විසින්ම නිවසට රැගෙනවිත් දමාගොස් තිබේ.

මෙලෙස ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගොස් රඳවාගෙන සිටි දින තුනකදී දැඩි ලෙස පහරදී ඇති අතර රත් කරනලද යකඩ පොලුවලින් පහරදී වදහිංසාද කර තිබේ. මෙම සිදුවීමෙන් තැතිගැනීමටත් භියටත් පත්ව ඇති මෙම සරසවි සිසුවා සහ ඔහුගෙ බියට පත්වූ ඥාතීන් විසින් සිද්ධිය වසන්කර තිබේ. අප මේ සටහන තබන මොහොත වනතුරුත් මේ ගැන පොලීසියට හෝ දැනුම්දීමට කිසිවකු කටයුතු කර නොමැත.

මේ අතර මෙම තරුණයා විවාහවී එක් දරු පියකු බවත්, හිටපු කොටි සාමාජිකයකු වන ඔහු පුනරුත්ථාපනයට ඇතුලත් නොකර පවුලේ ඥාතීන් සමඟ ජීවත්වූ අතරතුර ප්‍රදේශයෙහි අසල්වැසියන් සමඟ ඇතිවූ ආරවුලකින් අනතුරුව, මෙලෙස ප්‍රශ්න කිරීම සඳහා නාඳුනන පිරිසක් විසින් රැගෙන ගොස් පහරදී වදහිංසා කර ඇතයි පැවැසේ.  යුද්ධය කාලයේත් එසේම ඉන්පසුවත් නිතර නිතර සමස්ත උතුරුකරයේම තිබූ මෙවැනි සිදුවීම් දැන් යළිත් ආරම්භවී තිබේ.

විශේෂයෙන්ම අධික හමුදා භටපිරිස් හා හැම ප්‍රදේශයක් ම ආවරණය වන ලෙස පොලීසියේ ආරක්ෂාව ඇති මෙම ප්‍රදේශයන්හි ආරක්ෂක අංශයන්ගේ නොදැනුවත් භාවයෙන් මේ කීවක් සිදුවිය නොහැක. ආරක්ෂ ලේකම් නන්දසේන ඝෝඨාභය රාජපක්ෂගේ කුලී හේවායන් තාමත් අළුත් ජීවිතයක් අරඹන්නට උත්සාහ කරන මෙවන් තරුණයන් හට වද දෙමින් කටයුතු කරන බවනම් කිව යුතුය.

සටහන : වසන්ත බංඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *