සාමාන්‍යඅපරාධ

යුදකරණයට ලක් වූ උතුරු නැගෙනහිර: අවනීතිය සහ අපහරණය හමුවේ තැලෙන දෙමළ සහ මුස්ලිම් ස්ත‍්‍රීන්

(උතුරු නැගනහිර ස්ත‍්‍රී සංවිධාන 11කින් සමන්විත ස්ත‍්‍රී කි‍්‍රයාකාරී ජාලයේ වාර්තාවක් ඇසුරිනි)

උතුරු නැගෙනහිර සිවිල් අවකාශය යුදකරනය වීම දිගින් දිගටම සිදුවෙයි. ලංකාන්ඩුව විසින් තැන තැන මුර කපොලූ ඉවත් කර ඇතත් මේ ස්ත‍්‍රීන් පවසන්නේ ගම්බද අලූතින් යුද කඳවුරු ඉදිවෙමින් තිබෙන බවයි. යුද හමුදාව එම පෙදෙස්හි සිවිල් පරිපාලනයේ ද කෘෂි කර්මයේ ද සංවර්ධන කටයුතු වල ද යෙදී සිටිති. ප‍්‍රජා ආරවුල් ගණනාවකදී ම ඔවුන් අතර සාකච්ජාමය විසඳුමක් වෙනුවට සිය මැදිහත්වීම පිලිගැනීමට යුද හමුදාව බල කර තිබේ. මෙමගින් සිදුවන්නේ දීර්ඝකාලීන වශයෙන් ප‍්‍රජාවන් අතර නිරෝගී සබඳතාවයන් ඇති වීම වැළැකී යාමයි. තමන්ට බලපාන ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට දැරූ උත්සහයන් ගණනාවකදීම යුද හමුදාව ස්ත‍්‍රීන් ද ඇතුළු මහා ජනයාට අතවර කර තිබේ. පාසැල් සහ පොදු රුස්වීම් ශාලා වැනි ස්ථාන යුද හමුදාව විසින් අල්ලා ගෙන සිටීම නතර වී නැත.

අම්පාර අශ්රෆ් නාගර් ගමේ කතාව

සිවිල් ජනයාගේ ඉඩම් යුද මුදාව විසින් අල්ලා ගෙන සිටින මේ සඳහා කදිම නිදසුනකි. එගම ස්ත‍්‍රීහු සිය ඉඩම් හෝ ප‍්‍රමාණවත් විකල්පයක් හෝ ලබා ගනු පිනිස ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ. නඩු විභාගය පැවැත්වෙන අතරතුරදී ම යුද හමුදාව ප‍්‍රදේශයේ ජිවත්වන පෙත්සම්කරුවන්ට අතවර කිරීමට පටන් ගත්හ. ‘‘හමුදාව මේ ජනයාට ජලය ලබා ගැනීමට තිබූ මං ඇවුරූහ. පෙත්සම්කරුවන් හමුවීමෙන් ඥාතීන් වැළැක්වූහ. යුද හමුදා කඳවුරෙහි ජීවත් වන එම පවුල් සමඟ බාහිර සබඳතා ඇති වීම වැළැක්වීමට ඒ වටා වූ වැට විදුලි වැටක් බවට පෙරළුහ. ප‍්‍රථම පෙත්සම්කාරියගේ නිවසට යාර කිහිපයක් නුදුරින් ශබ්ද විකාශන දෙකක් සවි කළ හමුදාව දිවා රූ පුරා එමගින් බෞද්ධ බණ විකාශනය කරන්නට පටන් ගත්හ. හමුදා සෙබළු හිස් වීදුරු බෝතල කුඩු කර එම වීදුරු කැබළි පෙත්සම්කරුන්ගේ නිවෙස් වටා සහ ඒ කරා යන අඩිපාරවල් හි දැමූහ. සිය ඉඩම් අල්ලා ගැනීමට එරෙහිව දිසා අධිකරනයෙහි පැවැරු නඩුවෙන් මෙම ස්ත‍්‍රීහු ජය ලැබූ නමුත් දැන් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර ඇති එම භූමියට ඇතුල් වීමට හෝ යුද හමුදාව සමඟ සාකච්ජා කිරීමට හෝ ඔවුන්ට හැකියාවක් නොතිබුණි. අධිකරණය හරහා සිය ඉඩම් ආපසු ලබා ගැනීමට දරන ලද ප‍්‍රයත්නය පලදායක නොවී යැයි දැන් මෙම ස්ත‍්‍රීහු කල්පනා කරති.

බෞද්ධ භික්ෂුවක අල්ලා ගත් මුස්ලිම් ඉඩම්

හමුදා පිරිස් හරහා බෞද්ධ සංස්කෘතික ප‍්‍රවර්ධනයක් ද සිදුවෙයි. මුස්ලිම් ජනයා බහුතරය වන අම්පාර දිසාවෙහි පොතුවිල් හි බෞද්ධ පිළිම ගොඩනැගීමට, ශබ්ද විකාශන යන්ත‍්‍ර සවිකර පෙරවරුවේ සහ පස්වරුවේ බෞද්ධ පිරිත් විකාශනය කිරීමට නිල ඇදුමින් සැරසුනු යුද හමුදා භටයින් යොදවන ලදී. මතුරන්චේනෙයි නම් පොතුවිල් 3 ගමෙහි බෞද්ධ විහාරය වටා, මෙම ගමෙහි ජීවත්වන ස්ත‍්‍රියකට අයත් අක්කර 05ක් ද ඇතුළුව අක්කර 35ක් තමන්ට අයත් යැයි කියන භික්ෂුවකට යුද හමුදාව සහාය දෙමින් සිටියි. යුද හමුදාවේ සහාය ඇතිව මෙම භික්ෂුවගේ අනුගාමික පිරිස් එම ඉඩම්හි පරම්පරා ගණනාවක් වාසය කළ ජනයා ’ශුද්ධ භූමියෙන්’ පළවා හැරීම පිනිස ඔවුන්ට පහර දෙමින් සිටිති. තත්ත්වය කොතරම් නරක ද යත් යුද හමුදාවේ අනවසරයෙන් කිසිදු බාහිර පුද්ගලයකුට මෙම ඉඩම්වලට ඇතුල් වීම පවා තහනම් ය. මෙම ප‍්‍රශ්නය අවශේෂ පුද්ගලයින් විසින් මතු කරනු ලැබීම වැළැක්වීම පිණිස පුළුල් ආරක්ෂක දැළක් එලා තිබේ. ඇත්ත වශයෙන්ම නම අප කන්ඩායම ද නතර කළ හමුදා පිරිස් අප සෝදිසි කළහ. විශේෂයෙන් ම විපතට පත් ස්ත‍්‍රින් හමුවට යාමට පණවා ඇති බාධා මහත් සැළකිල්ලට ලක්විය යුතු කරුනකි. මෙකී භික්ෂුව විසින් බලයෙන් අල්ලා ගෙන ඇති ඉඩම්වලට නීතිමය ඔප්පු ඇති ස්ත‍්‍රීන් හතර දෙනෙකු දැන් නඩුවක් පවරා ඇතත් ඔවුන් සිටින්නේ මහත් බියකිනි.

අම්පාර පෙරිය උල්ලායි ගම්මානයේ ස්ත‍්‍රීහු තමන්ගේ ගොවිබිම්වලට ඇතුල්වීමට පවා තමන්ට යුද හමුදා පොතක අත්සන කරන්නට සිදුව ඇතැයි පැමිණිළි කළහ. මෙම ප‍්‍රජාවට අයත් ඉඩම්වලින් කොටසක් පුරා විද්‍යා වස්තූන් ඇතැයි ඔවුන්ට ඇතුල්වීම පවා තහනම් කර තිබේ. සිය ගොවි බිම් රුයෙහි රුකබලා ගැනීමට මෙම ස්ත‍්‍රීන් පුරුදුව සිටියත් දැන් යුද හමුදාව සිටීම නිසා එය ඇහිරී ගොස් ය. මෙම ප‍්‍රදේශයේ බොහෝ ස්ත‍්‍රීන්ගේ ජීවිකාව වූ කාෂිකර්මය සහ දර එක් කර විකිනීම යන දෙකම දැන් යුද හමුදාව විසින් තහනම් කර තිබේ.

වට්ටකච්චියෙහි දී කෘෂිකර්මය සඳහා ඉඩම් අල්ලා ගත් යුද හමුදාව දැන් ඒවායේ වැඩට එම ජනයා ම යොදවා තිබේ. ප‍්‍රදේශ ගණනාවක දී ම යුද හමුදාව එළවලූ සහ පළතුරු විකිනීමේ යෙදී සිටින අතර එමගින් කුඩා බක්කි කඩ පවත්වාගෙන යෑම, එළවලූ වගා කිරීම වැනි ආර්ථික ක‍්‍රියාකාරිත්වයෙන් ස්ත‍්‍රීන් පළවා හැරෙමින් තිබේ.

නාවල්අඩියේ කෘෂිකාර්මික ඉඩම් අක්කර 35ක් අල්ලා ගත් හමුදාව ගම්වැසියන්ට දන්වා ඇත්තේ එම ඉඩම් යළි ලබා දීමට නොහැකි බවයි. මෙම වැසියන් සතුව තිබූ ඔප්පු 39ක් ව්‍යාජ යැයි පෙන්වීම පිණිස යුද හමුදාව ව්‍යාජ ලිපි ලේඛන ද සකස් කර තිබේ.

යුද හමුදාව ඉඩම් අල්ලා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රජාවෙන් සහ මානව හිමිකම් සංවිධාන වලින් නැගී ආ තෙරපුම් හමූයේ හමුදාව ජනයාට විකල්ප ඉඩම් බාර ගන්නා ලෙස හෝ ඉඩම් වලට බදු බාර ගන්නා ලෙස හෝ බල කරමින් සිටීි. මේ සම්බන්ධයෙන් තමන්ට හරි හරියට සකච්ජා කිරිමට හයියක් නැතැයි බොහෝ ස්ත‍්‍රීහු ප‍්‍රකාශ කරති. ලබා දෙන විකල්ප ඉඩම් බොහෝ දුරට ම ප‍්‍රමාණවත් නොවන අතර විපතට පත් වූවන්ගේ ජිවිකා වෘත්තිය කුමක් ද යන්න එහි දී සැළකිල්ලට ගැනෙන්නේ නැත.

දරට ගිය කැළය තහනම් කිරීම

බොහෝ පෙදෙස් හි ස්ත‍්‍රීහු සිය ගෙදෙර දොර පාවිච්චිය පිණිස දර අහුලා ගත්තේ කැළයෙනි. එනමුත් දැන් යුද හමුදාව කැලයට යාම තහනම් කොට ඇති අතර රජය වනාන්තර පනත සහ වන සතුන් පිළිබඳ පනත මගින් එම පියවරට සහාය දෙමින් සිටී. අවසර පත‍්‍ර හෝ ඔප්පු මගින් ස්ත‍්‍රීන්ට අයත් ඉඩම් බොහෝ තැන්හිදී වනාන්තර සහ පුරා විද්‍යා දෙපාර්ථමේන්තු මගින් ඔවුන් ගෙන පැහැර ගැනෙමින් තිබේ. මේ සමහරක් අවස්ථාවන්හිදී යුද හමුදාව සිවිල් පරිපාලනය බලපෑම් කර ඇති අතර ඉඩම් බලයෙන් අල්ලා ගෙන සිටීම පිණිස දිසා අධිකරණ තීන්දු අභිබවා ගොස් තිබේ. නැගෙනහිරදී කාෂිකාර්මික ඉඩම් ද ඇතුළුව ඉඩම් හිමිකාර කම බොහෝ විට සතු වන්නේ ස්ත‍්‍රීන්ට ය. මෙළෙස ඔවුන්ගේ ඉඩම් සහ සම්පත් ඔවුන්ගෙන් වළක්වා තිබීම විසින් පළාතෙහි දෙමළ සහ මුස්ලිම් ස්ත‍්‍රීන් දුගීකරණයට ලක් කර ඇත. තමන්ට මෙසේ කරනු ලබන්නේ සුළුතරයන් ව්‍යහාත්මක දුගීභාවයට ලක් කිරීමටත් ආර්ථික සංවර්ධනය සඳහා මංපෙත් අවුරා ලීමටත්ය යන හැගීම වර්ධනය ඔවුන් අතර වෙමින් තිබේ.

යුද හමුදාවට බඳවා ගත් දෙමළ ස්ත‍්‍රීන්

බොහෝ කතා බහට ලක්ව ඇති දෙමළ ස්ත‍්‍රීන් යුද හමුදාවට බඳවා ගැනීම මහත් කනස්සල්ලට හේතුවක් වී තිබේ. තමන් පිළිබඳ තීරණ ගැනීමට අයිතිය ස්ත‍්‍රීන්ට ඇතැයි පිළිගන්නා අතරම මෙම සිදුවීමෙහි දී එකී ස්ත‍්‍රීන් සම්බන්ධ වන්නේ යුද හමුදාවට බවත් ඔවුන් සම්බන්ධයෙන් යුද හමුදා නීති ක‍්‍රීයාත්මක වන බවත් දැනුම් නොදුන් බව සදහන් කළ යුතු ය. ඔවුන්ගෙන් ස්ත‍්‍රීන් 12 දෙනෙකු අසනීප වී රෝහල් ගත කළ අවස්ථාවෙහි සිය දියණියන් බැලීමට මාපියන්ට යුද හමුදාව අවසර දුන්නේ නැත. එළෙස බඳවා ගත් දෙදෙනෙකු මූලික පුහුණුව අතහැර ආපසු පැමිණි විට ඔවුන් ආපසු කැඳවූ හමුදාව යළි රුකියාවට නොපැමිණියහොත් හමුදාව අතහැර ගිය අයවලූන් සේ සළකන බවට තර්ජනය කළහ.

පෙර පාසැල් ගුරුවරියන්, ආන්ඩුවේ ගොවිපළ සේවකයින් සහ වෙනත් සේවාවන් සඳහා මෑතදී කරන ලද බඳවා ගැනීම් ගනනාවක් ම කරන ලද්දේ යුද හමුදාව විසිනි. එමෙන්ම එම රැුකියාවන් සඳහා පත්වීම් ලිපි ලබා දී ඇත්තේ ද යුද හමුදාවේ සිවිල් ආරක්ෂක ඒකකයෙනි. මෙළෙස බඳවා ගන්නා ලද අය වාර්තා කරන්නේ යුද හමුදාවට වන අතර සිය රැකියා තත්ත්වය හෝ ආරක්ෂාව ගැන කතා කිරිමට මෙම ස්ත‍්‍රීහු සහ පවුල්වල අය මහත් බියක් දක්වති.

ඒ යෝග්‍ය පුද්ගලයා මමයි

ජනවාරි මාසයේ දී උතුරෙහි නිකුත් කරන ලද ඉඩම් චක‍්‍රලේඛනයක් මගින් ඉඩම් බලතල ප‍්‍රාදේශිය ලේකම් කාර්්‍යාලයෙන් ඉවත් කර හිටපු හමුදා සෙන්පතියකු වන ආන්ඩුකාරයාට පවරා දී තිබේ. මෙයය 13වන සංසෝධනයට ද බලය බෙදා හැරීමේ මූලධර්මයට ද විරුද්ධ ය. මෙම චක‍්‍රලේඛනය උතුරෙහි ඉඩම් බෙදා දීම ආන්ඩුකාරයාට පැවැරෙන්නේ යැයි කෙලින්ම නොකියන අතර ප‍්‍රාදේශීය ලේකම්වරය යෝග්‍ය පුද්ගලයකුගෙka අනුමැතිය ලබා ගත යුතු බවට සදහන් කරයි. මෙම චක‍්‍රලේඛනය නිකුත් කිරිමෙන් පසු සියළු ප‍්‍රදේශීය ලේකම්වරු කැඳවූ ආන්ඩුකාරවරයා එහි සඳහන් වන ‘යෝග්‍ය පුද්ගලයා’ තමා බව ප‍්‍රකාශ කළේ ය.

අධිකරණය සහ ආන්ඩුව විසින් පිහිටුවා ඇති කොමිෂන් සභා වැනි යුක්තිය පසිඳලිමේ යාන්ත‍්‍රණන්ගෙන් ඵල නෙලා ගැනීම බහුතරවාදී පැරඩයිමයට අභියෝග කරන ප‍්‍රජාවන්ට දිග්න් දිගටම අහිමි කර තිබේ. උගත් පාඩම් සහ සංහිදියා කොමිසම අතුරුදහන්වීම් අරභයා නිර්දේශ ගණනාවක්ම ඉදිරිපත් කළ ද එහි සීමා තිබුණි. අනෙක් අතට ආන්ඩුව ක‍්‍රියාත්මක කරමින් සිටින්නේ යටිතල සංවර්ධනය සහ රාජ්‍ය අංශයට පුහුණූ කිරීම් ලබා දෙන නිර්දේශ පමණි. 2009 දී සිය සැමියා අතුරුදහන් වූ ස්ත‍්‍රියක උගත් පාඩම් කොමිසම ගැන මෙසේ කීවා ය: අපි කොමිසමට ගියේ විසඳුමක් ලබා දේ යැයි යන බලාපොරොත්තුවෙන්. ඒත් අපට ලැබුනේ වාර්තාවක්. මං වාර්තාවකින් මොනව කරන්නද? මගේ දරුවාට එය පෙන්නල මෙන්න ඔබේ තාත්තා යැයි කියන්න o ? උගත් පාලන කොමිසම හමුවෙහි සාක්ෂි දුන් පුද්ගලයින්ට කිසිදු දැනුම්දීමක් කෙරී නැති අතර අතුරුදහන්වූවන් ගැන විමසීමට කිසිදු පියවරක් ගෙන නැත.

මෑතදී පරීක්ෂනයක් පැවැත් වූ යුද හමුදාව කියා සිටියේ තමන් යුද්ධයේ අවසන් අදියරෙහි දී සිවිල් ජනයා මත බෝම්බ දැමුවේ නැති බවයි. එම පරීක්ෂනය පාරදෘශ්‍යබාවයෙන් තොර වූ අතර රජය සියළු වගවීම් සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන්නේ මෙවැනි පිළිවෙතක් නම් උගත් පාඞ්ම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාවට නැගීම සම්බන්ධයෙන් මහත් සැකයක් ජනිත කරයි.

ගැබ් ගන්වා පැන යන සෙබළු

විවාහ වන බවට පොරොන්දු දී ස්ත‍්‍රීන් සමඟ ලිංගිකව හැසිරී ඔවුන් ගැබ් ගැනීමෙන් පසු අතහැර යන ලද සෙබළුන් සම්බන්ධය සිදුවීම් ගණනාවක්ම තිබේ. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් ස්ත‍්‍රීන් විසින් පැමිණිළි කරන ලද අවස්ථා ගණනාවක දී එම ස්ත‍්‍රීන්ට කිසිදු පසු විපරමකට අවස්ථාවත් නොතබා අදාළ සොල්දාදුවන් වහාම වෙනතකට මාරුකර යවන ලැබ තිබේ. තවත් අවස්ථා ගණනාවක දී ස්ත‍්‍රීන්ට සිය පැමිණිළි ඉවත් කර ගන්නා සේ තර්ජනය කෙරී ඇති අතර අවස්ථා කිහිපයක දී පමණක් යුද හමුදා ප‍්‍රධානීන් විසින් එම පැමිණිළි මත ක‍්‍රියාත්මක වී සොල්දාදුවන්ට විරුද්ධව යුද අධිකරණයෙහි නඩු පවරා තිබේ. එකි නඩු විභාගයන්ට සහභාගිවීමට ස්ත‍්‍රීක්ට අවස්ථාව නොලැබෙන අතර සාක්ෂි එක් කැරෙන්නේ යුද හමුදාව ම මගිනි. එවැනි අවස්ථාවන්හිදී තමන් බිය ගැන්වූ බවට ස්ත‍්‍රීන් පැමිණිළි කර ඇත.

යුද හමුදා පිරිස් සම්බන්ධ ලබන ලිංගික අපචාර සිදුවීම් ද තිබේ. එවැනි සිදුවීම් දිගටම සිදුවෙයි. ස්ත‍්‍රී සංවිධාන ගණනාවක් ම වාර්තා කර ඇත්තේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිළි කිරීමට ස්ත‍්‍රීන් බිය වන බවත් ඔවුන්ට උපකාරක සේවාවන් ලබා ගැනීමටවත් බැරි බවත් ය. එවැනි නඩු බෙහෝ විටම නඩු විමසීමේ භාෂාව සිංහල වන අනුරාධපුරයට මාරු කරනු ලැබේ. අනුරාධපුරයට යෑම ස්ත‍්‍රින්ට දුෂ්කර වන අතර නඩු විභාගය ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකි ය. එවැනි විරුද්ධවාදී පරිසරයක දී සිය නඩුව ඉදිරියට ගෙනයෑමට ආරක්ෂාවක් නැතැයි ඔව්හු පැමිණිළි කරත්.

යුද හමුදා සොල්දාදුවන් හතර දෙනෙකු විසින් සරණාගත ස්ත‍්‍රීයක ලිංගිකව කෙළෙසීම පිළිබඳ නඩුවක් ස්ත‍්‍රී සංවිධානයක් විසින් අතට ගත්තා ය. කෙළෙසීම සිදු වූයේ 2010 ජුන් 06 දා කිලිනොච්චියේ දී ය. දීර්ඝ මූලික නඩු විභාගයකින් පසු සැකකරුවන්ට ඇප ලබා දෙන ලදී. 2011 ජූල් 16දා කිලිනොච්චිය දිසා විනිසුරු විසින් එම නඩු විභාගය යාපනයේ මහාධිකරණය වෙත යොමු කරන ලදී. නඩු විභාගය සම්බන්ධ සම්පූර්ණ වාර්තාව නීතිපති දෙපාර්ථමේන්තුවට බාර දුනි. දිගින් දිගටම කල් ගන්නා නීතිපති දෙපාර්ථමේන්තුව චෝදනා පත‍්‍ර බාරදීම ඉක්මන් කිරීම ප‍්‍රතික්ෂේප කරයි.

අතුරුදහන් වූ සහ රුදවුම් බාරයේ සිටින සිය පවුල් සමාජිකයින් සම්බන්ධයෙන් හබයාස් කෝපුස් නඩු පවරා ඇති ස්ත‍්‍රීන් මුහුණ දෙන තත්ත්වය ද මෙය යි.

පසුගිය මාස කිහිපය පුරාම සුළුතර ප‍්‍රජාවන්හි සංස්කෘතික අයිතීන් මහත් තර්ජනයන්ට මුහුණ පෑවේ ය. මෙහි වැඩි විඳවීම ස්තී‍්‍රන්ට ය. දීර්ඝ කාලීන උප්පත්ති පාලන ක‍්‍රම ස්ත‍්‍රීන්ට අහිමි කළ යුතුය යනුවෙන් පැසිස්ට්වාදී භික්ෂූ සංවිධානය වන බොදු බල සේනා ඉල්ලීම සියළු ප‍්‍රජාවන්හි ස්ත‍්‍රීන්ට මහත් පසු බැස්මකි. විශාල යුද හමුදා කඳවුරු වටා බෞද්ධ විහාර ඉදිවෙමින් පවත්නා අතර ඒ වට වන ඉඩම් සිංහලයින්ට අයත් ලෙස ප‍්‍රකාශයට පත් කැරේ. ඕනෑම ජන වර්ගයක ජනයාට රිසි තැනෙක පදිංචිවිමේ අයිතිය පිළිගන්නා අතර ජනපදකරණය සඳහා යුද හමුදා බලය සහ රණකාමී බෞද්ධ භික්ෂුන් යොදා ගැනීම මහත් කනස්සල්ලට හේතුවක් බව සදහන් කළ යුතු ය.

වන්නියේ පමණක් පන්සල් 27ක් අලූතෙන්

කලින් එල්ටීටීඊ ය යටතේ තිබූ වන්නි ප‍්‍රදේශයේ පමණක් බෞද්ධ ආගමික ස්ථාන 27ක් ඉදි කර තිබෙන අතර එම ඉදි කිරීම් සමඟ සිංහලයින් ද ක‍්‍රමයෙන් ඒ කරා සංක‍්‍රමණය වී තිබේ. මෙම විහාරයන්හි ආගමික උත්සව යුද හමුදාව විසින් සංවිධානය කරනු ලබන අතර ඒවට සහභාගි වන සේ අසල්වැසි දෙමළ ජනයාට බල කරනු ලැබේ.

ඒ අතරවාරයේ ම දෙමළ ජනයා කාර්තිගේයි තීපම් නම් හින්දු උත්සවය පැවැත්වීමෙන් වළක්වන ලදී. එම උත්සව දිනය වැටී තිබුනේ ද එල්ටීටීඊ මහ විරු දිනයේ දී ය. යුද්ධයේ අවසන් අදියරෙහි දී මියගිය සිය ආදරනීයයන් සැමැරීම දිගින් දිගටම දෙමළ ජනයාට තහනම් කෙරෙමින් තිබේ. හමුදාවට බාර වූ අයගේ පවුල්හි ස්ත‍්‍රීන් කන්ඩායමක් කිලිනොච්චියේ මුරුගන් කොවිලෙහි පුජාවකට රැුස්වූහ. ඔවුන් වටකළ යුද හමුදාව සහ සී.අයි.ඞී. ය සංවිධායකගෙන් ද ස්ත‍්‍රීන්ගෙන් ද ප‍්‍රශ්ණ කළෝ ය. තවමත් මෙම ස්ත‍්‍රීන් ගැන රහස් පොලීසිය විමසිල්ලෙන් පසුවන අතර මාසයකට පෙර ඔවුන්ගේ රැස්වීමකට කඩා වැදුනු හමුදාව එය කඩාකප්පල් කිරීමට තැත් දැරූහ.

මානව හිමිකම් කවුන්සිලයෙහි අමාත්‍ය මහින්ද සමරසිංහගේ කතාවෙන් පසු එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නියෝජිතයාට අතුරුදහන්වීම් පිළිබඳව පෙත්සමක් බාර දීමට කොළඹට පැමිණිමට සංවිධානය වූ බහුතරයක් ස්ත‍්‍රීන්ගෙන් සමන්විත 700ක් පමණ වවුනියාවේ දී නතර කිරීම මිලිටරිකරණයේ සංකේතයක් බවට පත් විය. පසුව කොළඹට පැමිණ සිය පෙත්සම එක්සත් ජාතීන්ට බාර දුන් එම ස්ත‍්‍රීහු අතුරුදහන් වූ සිය ඥාතීන් සෙවිමට එක්සත් ජාතින්ගේ සංවිධානය කෙලින්ම මැදිහත් විය යුතු යැයි ඉල්ලා සිටියා ය.

ස්ත‍්‍රී කි‍්‍රයාකාරී කමිටුව පහත සදහන් පියවරයන් නිර්දේශ කරයි.

ස්ත‍්‍රීන්ට යුක්තිය ලබා ගැනීමට ඇති අවස්ථා සහ ඔවුන්ගේ ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතීන් සාක්ෂාත් කර ගැනීමට ඇති දේශීය යාන්ත‍්‍රනයන් යුදකරණය නිසා අහිමි ඇති තත්ත්වය තුළ වහාම අන්තර් ජාතික යාන්ත‍්‍රණයක් පිහිටුවිය යුතු ය.

සිවිල් පරිපාලන ව්‍යුහයන්ගෙන් ද සංවර්ධන කටයුතුවලින් ද සිංහල ජනපදකරනයෙන් ද සංස්කෘතික (බෞද්ධ) කි‍්‍රයාකාරකම්වලින් ද යුද හමුදාව වහාම ඉවත් විය යුතු ය.

ඉඩම සහ සම්පත් පිළිබඳ ආරවුල්හිදී මැදිහත්වීමෙන් ද සිවිල් ක‍්‍රියාකාරිත්වයෙන් ද යුද හමුදාව ඉවත් කළ යුතු ය.

යුද හමුදා පිරිස් සම්බන්ධ ලිංගික අපවාර සහ නඩත්තු ගෙවීම් හා ස්ත‍්‍රීන් රැවැටීම සම්බන්ධ නඩු සිවිල් අධිකරනයන්ට පැවැරියයුතු අතර ඒවා ඉක්මනින් විභාග කළ යුතු ය.

රටෙහි පුරවැසියන් ලෙස සිය අයිතීන් ක‍්‍රියාවට නැගීමට අපේක්ෂා කරන සිවිල් වැසියන්ට තර්ජන කරන, බිය වද්දන සහ අතවර පමුණුවන හමුදා පිරිස්වලට එරෙහිව පියවර ගත යුතු ය.

මහා ජනයාට අයත් යුද හමුදාව අල්ලා ගෙන සිටින සියළුම ඉඩම් නිසි ක‍්‍රියා පිළිවෙත අනුව එම ජනයාට බාර දිය යුතු ය.

යළි පංදිචි කැරෙන ප‍්‍රජාවන්ට සිය ආගම ඇදහීමේ සහ සිය සංස්කෘතික අයිතීන් සහ භාෂාව භුක්ති විදීමේ අවස්ථා සහතික කළ යුතු ය.

Militarized North-East Sri Lanka: Muslim and Tamil Women Systematically Crushed by Lawlessness and Expropriation මැයෙන් මාර්තු 12වන දින Srilankabrief වෙබ් අඩවියේ පළ වූ ලිපියේ සිංහල අනුවාදය

YPL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *